ඛනිජවැලි අපද්‍රව්‍යවල විකිරණ ඇත්දැයි සොයන්න විද්වත් කමිටුවක්

පුල්මුඬේ සිට දඹුල්ලට ගෙන එන ඛනිජවැලි අපද්‍රව්‍යවල විකිරණ ඇති බවට වාර්තා වීම පිළිබඳව සොයාබැලීමට කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා විසින් විද්වත් කමිටුවක් පත්කර තිබේ.

පුල්මුඬේ සිට දඹුල්ලේ කණ්ඩලම පිහිටි පෞද්ගලික සමාගමකට ගෙන එන ඛනිජ වැලි අපද්‍රව්‍යවල විකිරණ ඇති බවට ප්‍රාමාණික විද්වතුන් අනාවරණය කර ඇති කරුණු බෙහෙවින් බරපතළ වන බැවින් ඒ පිළිබඳ විමර්ශනය කර ගතයුතු පියවර නිර්දේශ කිරීම සඳහා මෙම කමිටුව පත් කර ඇත.

විද්වත් කමිටුව මගින් කෙටි කාලයක් තුළ අමාත්‍යවරයා වෙත නිර්දේශ ඇතුළත් වාර්තාව ලබා දෙන තුරු දඹුල්ල කණ්ඩලම පිහිටි ඉහත කී පෞද්ගලික සමාගමට, ලංකා ඛනිජවැලි සමාගමේ පුල්මුඬේ යන්ත්‍රාගාරයෙන් බැහැර කරන ඛනිජ වැලි අපද්‍රව්‍ය නිකුත් කිරීම අත්හිටුවීමට අමාත්‍යවරයා දැනටමත් නියෝග කර තිබේ.


මෙම කමිටුවේ සාමාජිකයන් මෙසේය.

  1. මහාචාර්ය අතුල සේනාරත්න මහතා
    (පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයනාංශය)
  2. උදය සිල්වා මහතා
    (ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ භූ විද්‍යා අංශය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය)
  3. මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතා
  4. එච්. එල්. අනිල් රංජිත් මහතා
    (අධ්‍යක්ෂ ජනරාල්, න්‍යෂ්ටික බලශක්ති නියාමන සභාව)
  5. බී. කේ. එම්. ජේ. රුද්‍රිගු මහත්මිය
    (ප්‍රධාන අභ්‍යන්තර විගණක, කර්මාන්ත අමාත්‍යාංශය)

මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම න්‍යෂ්ටික බලශක්ති නියාමන සභාව කඩිනමින් දැනුම්වත් කර ඉහත පෞද්ගලික ආයතනයට අයත් දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ පවතින ඛනිජ වැලි ගඩබා කිරීමේ හා පිරිපහදු කිරීමේ ස්ථානයේ කටයුතු තාවකාලිකව නතර කිරීම සඳහා කඩිනමින් පියවර ගැනීමට ද වීරවංශ අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට අද (09) දින ලිඛිතව උපදෙස් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ හා සමාගාමීව මේ පිළිබඳව ලංකා ඛනිජ වැලි සමාගමෙන් හදිසි වාර්තාවක් කැඳවීමට ද අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන ඇත.

Exit mobile version