ඛණිජ තෙල් සංස්ථාවේ කොලොන්නා තොග නිමාවේ තෝරාගත් සේවක පිරිසක් පඩියට වඩා ඕටී අරන්…

තෙල් නැවු නැතත් ගිය අවුරුද්දෙ කොලොන්නාව තොග නිමාවේ සේවක අතිකාල සඳහා පමණක් රුපියල් බිලියන 1.79ක්...

සේවකයෙකුගේ මුලික් වැටුප ඉක්මවා අතිකාල දිමනා ලබා ගත නොහැකි බවට රාජ්‍ය චක්‍රලේඛණයක් මගින් දැනුම් දී ඇති පසු බිමක රටේ මූලික මූල්‍ය විනය බිඳ හෙළමින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව යටතේ ඇති කොළොන්නාව තොග නිමාවේ සේවක පිරිසක් ඔවුන්ගේ මුලික වැටුප ඉක්මවා අතිකාල දිමනා ලබමින් සිටින බව හෙළි වී ඇත.

එම ආයතනයේ සේවකයින් දෙදහස් දෙසියකට ආසන්න පිරිසක් සේවය කරන අතර පසුගිය වසරේ (2022) පමණක් බිලියන 1.79ක් ඒනම් කෝටි එකසිය හැත්තැ නවයක් ( මුලු මුදල 1,796,378, 215 – එනම් එක් බිලියන, හතිසිය අනූ හය මිලියන, තුන්සිය හැත්තෑ අට දහස්, දෙසීය පහළොවක් ) අතිකාල ලෙස සේවකයින්ට ගෙවා තිබේ.

මේ වසරේ දී ද එම මුදල ඉහළ නංවමින් අතිකාල සඳහා බිලියන 1.8ක් එනම් කෝටි එකසිය අසුවක් ( මුලු මුදල 1,802,467,709 – එනම් එක් බිලියන, අටසිය දෙක මිලියන, හාරසිය හැට හත් දහස්, හත්සිය නවයක්) වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් වෙන් කර ඇත.

ඒ අනුව සෑම වර්ෂයකම අතිකාල සඳහා ගෙවන ප්‍රමාණය ඉහළ දමා ඇති අතර 2020 දී කෝටි 160ක මුදල 2021දී කෝටි 168 දක්වා ඉහළ දමාගෙන තිබේ. වර්ෂ 2022 දී කෝටි 179ක් තෙක් එම මුදල වැඩි කරගෙන තිබේ.
මේ අකාරයට මුතුරාජවල තෙල් ගොඩබෑමේ අංගනයට ඉන්ධන නැව් පැමිණියත් නැතත් එහි තොරාගත් පිරිසකට සිය මුලික වැටුපට වඩා අතිකාල දිමනා ගෙවා ඇති බව අනාවරණය කරගෙන තිබේ.


මේ පුද්ගල වැටුප් පත්‍රිකා පරීක්ෂා කරන විට , අසු දහසක මුලික වැටුපක් හිමිසේවකයෙකුට අනුදහසක අතිකාල දිමනාවක්ද, අනුහයදහසක මුලික වැටුපක් හිමි සේවකයෙකුට රුපියල් එක්ලක්ෂ දසදහසක අතිකාල දිමනාවක්ද,  එක්ලක්ෂ දෙදහෙසක මුලික වැටුපක් හිමි සේවකයෙකුට එක්ලක්ෂ හතලිස් දහසක අතිකාල දිමනාවක්ද ගෙවා තිබිම හෙළි වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගෙවිමි සිදු කිරිමට පෙර අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වී අදාල ගෙවීම් අනුමත කර නු ලබන බවත්, සංස්ථාවෙි අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් පස්දෙනාට අමතරව අමාත්‍යංශයේ ලේකම් හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා නියෝජවය කරමින් නියෝජිතයින් දෙදෙනෙකුද ඊට සහභාගී වන බවත් තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග කියයි.

Exit mobile version