ඛණිජතෙල් බෙදුම්කරුවෝ වර්ජනය අත්හරිති….

ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සිය විරෝධතාවය තාවකාලිකව අත්හිටවූ බව එම සංගමයේ සභාපති කපිල නාඔටුන්න  පැවසීය.

ඛණිජතෙල් බෙදුම්කරුවන් ලෙස ඉන්ධන අලෙවියෙන්   ලැබෙන සියයට 3ක කොමිස් මුදලෙන් සංස්ථා පාලිත ඉන්ධන පිරවුම්හල්වලින්  සියයට 45ක් පරිහරණ ගාස්තු අයකරගැනීමට එරෙහිව බෙදුම්කරුවෝ ඉන්ධන ඇණවුම් නොකිරීමෙන් මෙසේ සිය විරෝධතාවයට අවතීර්ණ වී සිටියහ.

ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කපිල නාඔටුන්න කීවේ අද උදේ බෙදුම්කරුවන්ගෙන් සියයට අසූවක් ඇණවුම් ලබා දීමෙන් වැළකී සිටි බවය.

ඒ තත්ත්වය තුළ ඊයේ සවස අත්තනෝමතිකව අය කරගත් මුදල යළි ලබා දී  සාකච්ඡා මාර්ගයෙන් සාධනීය එකඟතාවයකට එන බවට  බලශක්ති ඇමතිවරයාගේත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගෙත්, කළමණාකාර අධ්‍යක්ෂවරයාගෙත් උපදෙස්  මත සංස්ථාවේ අලෙවි කළමණාකාරු කළ ලිඛිත දැන්වීමට අනුව මෙම විරෝධතාවය නවත්වීමට තීරණය කළ බව බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය තුළ සුපුරුදු පරිදි ඇනවුම් ඉදිරිපත් කිරීම ආරම්භ කළත් මේ තත්ත්වයට ස්ථිර විසඳුමක් අපේක්ෂා කරන බවත්, ඉතා ඉක්මනින් සංගමයේ මහා සභා රැස්වීමක් කැඳවා සියලුම සාමාජිකයන්ගෙන් අදහස් විමසා බෙදුම්කරුවන් වශයෙන් තමන්ගේ ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව සංස්ථාව වෙත දැනුම් දෙන බවත් එම සංගමයේ සභාපති කපිල නාඔටුන්න කීවේය.

Exit mobile version