කෝවිලේ දේව පූජාවට තැබූ අඹ ගෙඩිය රුපියල් 95000කට වෙන්දේසි වෙලා!

දිනසේන රතුගමගේ –

වවුනියාව තවසිකුලම් ශ්‍රී විනයාගර් කෝවිලේ පැවති විශේෂ පූජාවකින් පසුව දෙවියන් වහන්සේ උදෙසා පූජා කළ අඹ ගෙඩියක් වෙන්දේසියේදී රුපියල් 95000ක මුදලකට 13 දා අලෙවි වී තිබේ.

මෙම කෝවිලේ විශේෂ දිනවලදී පැවැත්වෙන දේව පූජාවෙන් පසුව පූජා වට්ටියට  තබන ලද පලතුරු ඇතුළු බොහෝ දේ වෙන්දේසියේ විකුණනු ලැබූ අතර අඹ ගෙඩියක් වැඩිම මිලකට අලෙවි වී ඇති පලමු අවස්ථාව මෙය වෙයි.

දෙවියන්ගේ අඹ ගෙඩිය…

මෙසේ වෙන්දේසියේදී මිලට ගනු ලබන පලතුරු ඇතුළු දේ මිලදී ගන්නන් විසින් පාරිභෝජනය නොකරනඅතර ඔවුන් ඒවා සුදු රෙදි කඩක ගැට ගසා නිවසේ එල්ලා නිවසට දෙවියන් වහන්සේගේ  ආශිර්වාදය බලාපොරොත්තු වෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අඹ ගෙඩිය මිලට ගෙන ඇත්තේ ලන්ඩනයේ සිට නිවාඩුවකට වවුනියාවට පැමිණ සිටින කෝවිල අසල නිවසක පදිංචි වී සිටින පුද්ගලයෙකි.


Exit mobile version