කෝටි 71 වංචාවට… ගම්පහ සණස අධ්‍යක්ෂ මණ්ඩලය රක්ෂිත බන්ධනාගාරයට…

ගම්පහ දිස්ත්‍රික් සණස සංගමයේ හිටපු  නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරීවරිය සහ අධ්‍යක්ෂකමණ්ඩලයේ හිටපු සාමාජිකයින් 05 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  14 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ වර්ෂ 2011 සිට වර්ෂ 2016 දක්වා කාලසීමාවේදී  ගම්පහ සණසේ සිදු වූ රුපියල් මිලියන 708 කට අධික මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලවය.

සණස සමිතියේ රුපියල් මිලියන 708කට අධික මුදලක් පුද්ගලික සමාගමකට ලබා දෙමින්  මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බවත්,  පසුව එම සමාගම බංකොලොත් වී ඇතැයි පැවසෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.


ඉකුත් 10වන දා රාත්‍රියේ ගම්පහ , වත්තල, බඩල්ගම, හා කොටදෙණියාව යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ  සැකකරුවන් පස් දෙනා  එම පුද්ගලික සමාගමට සමිතියේ මුදල් ලබාදීමට  අනුමැතිය ලබාදීමෙන් සාපරාධි සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම හා ඊට අනුබල දීම යන චෝදනාවලට   ලක්ව  ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කාන්තාවක් ද ඇතුළු මෙම   සැකකරුවන් වයස අවුරුදු 55, 62, 65, 75 සහ 81 යන වයස්වල පසුවන්නන්ය.

 

 

 

 

 

 

 

 

 

 

 

Exit mobile version