කෝටි 63ක පොල්ලක් තබා  හැටන් නැෂනල් බැංකුවට සින්න වු කොළඹ නවලෝක රෝහල විකුණන්න අධිකරණය අවසර දෙයි…

Nawaloka

රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා හැටන් නැෂනල් බැංකුවට  සින්න වු  දිගු සහ කීර්තිමත් ව්‍යාපාර ඉතිහාසයක් නවලෝක ව්‍යාපාරයට අයත් කොළඹ නවලෝක රෝහල විකිණීම සඳහා කොළඹ වානිජ මහාධිකරණය විසින් අවසර ලබා දී තිබේ.  

ඒ අවසරය ලැබෙන්නේ  නවලෝක රෝහල් හිමිකාරිත්වය   සින්න වූ රෝහල විකිණීම  වළකාලමින් හැටන් නැෂනල් බැංකුව වෙත් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ   වානිජ මහාධිකරණ  විනිසුරු ජගත් කහඳගමගේ විසින් ඉවත් කිරීමත් සමගය.

නවලෝක රෝහල විකිණීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති ආකාරය ගැටලු සහගත බව පෙන්වා දෙමින් හැටන් නැෂනල් බැංකුව   කළ ඉල්ලීමක් පිළිගනිමින් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරුවරයා අදාළ තහනම් නියෝගය ඉවත් කළේය.

හැටන් නැෂනල් බැංකුවට සින්න වූ  නවලෝක රෝහල විකිණීමට එරෙහිව නැෂනල් බැංකුවට එරෙහිව රෝහල් හිමිකාරිත්වය ඉදිරිපත් කර තිබු පෙත්සමක් මින් පෙර  සළකා  බැලූ අධිකරණය රෝහල   විකිණීම වළකාලමින්   තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.


එම තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලමින් හැටන් නැෂනල් බැංකුව ප්‍රතිවිරෝධතා ගොනු කළේය. බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙන්වා දුනනේ  නවලෝක රෝහල ඉදිකිරීමට   හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය මුදල ගෙවා නැති බවය.

පෙත්සම්කාර නවලෝක රෝහල් සමාගම තම බැංකුවෙන් ලබාගත් ණය මුදල් සහ ඊට අදාළ පොළිය නොගෙවීම නිසා ණය ගැනීමේදී ඇපයක් වශයෙන් තබා තිබු   රෝහල සහ ඊට අදාළ පරීශ්‍රය විකුණා ණය මුදල් හා   පොළිය අයකර ගැනීමට බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි හැටන් නැෂනල් බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කීවේය.

තම බැංකුව කටයුතු කර ඇත්තේ බැංකු මඟින් ප්‍රදානය කරන ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනත (පරාටේ නීතීය) අනුව යැයිද  නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

නීත්‍යානුකූලව තම බැංකුව කටයුතු කර තිබියදී අදාළ දේපළ විකුණා තම ණය මුදල හා ඊට අදාළ පොලිය අයකර ගැනීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීම ගැටලු සහගත බව ද හැටන් නැෂනල් බැංකුව වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරු අධිකරණයට කීවේය. එබැවින් අදාළ තහනම් නියෝගය ඉවත් කරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලු විනිසුරුවරයා නවලෝක රෝහල විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය ඉවත් කිරීමට නියම කළේය.

 

 

Exit mobile version