කෝටි 20ක රත්තරන් සමග කටුනායකින් පිටවන්නට පැමිණි යුවලක් රේගු දැලේ…

කීර්ති ප්‍රනාන්දු – 

ඩුබායි සිට රැගෙන පැමිණි කිලෝ ග්රැම් 09 යි ග්රැම් 500 ක් බරැති , රුපියල් විසි කෝටි පනස් ලක්ෂයක් වටිනා ( රුපියල් මිලියන 205 ක් ) ,     රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් අයුතු ලෙස පිට කිරීමට තැත් කළ ගුවන් මගියෙකු සහ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක , ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (17)  උදෑසන  අත් අඩංගුවට ගෙන තිබේ .

පරීක්ෂණ කළ කණ්ඩායම…

අත්අඩංගුවට පත්වන්නේ   නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 39 පුද්ගලයෙකි . ඔහු අද 917) දින උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ෙඅත්අඩංගුවට පත්වන කාන්තාව කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවයේ නිරත වී සිටි සීදුව ප්‍රදේශයේ 38 හැවිරිදි තැනැත්තියකි.

අත්අඩංගුවට පත් පුද්ගලයා     තම ගමන් මලු තුළත් , මෙම ගුවන් තොටුපළ සේවිකාව තම අත් බෑගයේත් ග්රැම් 116.6 ක බරකින් යුතු රන් බිස්කට් 80 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යෑමට උත්සාහ කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

 

Exit mobile version