කෝටි 140ක් වන ඉන්දියානුවන්ගේ ශක්තිය පෙන්වන ජී 20 සභාපතිත්වය

Ruchira Kamboj

ජී 20 සමුළුවේ සභාපතිත්වය ඉන්දියාව දැරීම තුළින් කෝටි 140ක් වන ඉන්දියානුවන්ගේ ශක්තිය පිළිබිඹු කරන බව අග්‍රමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා පැවසූ බව එක්සත් ජාතීන්ගේ ඉන්දියාවේ ස්ථිර නියෝජිත රුචිරා කාම්බෝජ් පවසයි.

“අපි ජී 20 අපේ රටේ මිනිස්සු වෙනුවෙන් අපේ රටට ගත්තා. අපේ ඒක මිනිස්සුන්ගේ ජී20 බවට පත් කරනවා..”

ජී 20 මුදල් අමාත්‍යවරුන්, මහ බැංකුවේ අධිපති හා විදේශ අමත්‍යවරයා අතර පැවති එක්සත් ජාතීන්ගේ අවිධිමත් කෙටි රැස්වීමක් ඇතුළතදී ඇය මේ බව පවසා ඇතැයි ‘ඒඑන්අයි’ පුවත් සේවය වාර්තා කරයි.


ගෝලීය ගැටලු සම්බන්ධයෙන් නැවුම් ඉදිරි දර්ශනයක් ගෙන ඒම සඳහා පෞද්ගලික අංශය, විශ්වවිද්‍යාල, සිවිල් සමාජය හා තරුණයින් සමඟ එක්ව ප්‍රයෝගික ක්‍රියාකාරම් සිදු කරන බව ද කාම්බෝජ් පවසා තිබේ. එලෙසම මෑතකදී අග්‍රමාතා්‍යවරයා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ හා කාන්තා සවිබල ගැන්වීමේ වැදගත්කම හුවා දැක්වූ බවත් පැවසුවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‘කාන්තාවන් වන අපිට හා ගැහැණු ළමයින්ට අවශ්‍ය, තාක්ෂණය මඟින් සමාජ හා ආර්ථික ප්‍රගමනයට දායක වීමයි..” ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version