කෝටි 02ක් වටිනා පුරාණ ප්‍රතිමා හතරක් කෝවිල් පොකුණකින් හමුවෙයි.

දිනසේන රතුගමගේ –

යාපනයේ සංගානෙයි ඔඩක්කරෙයි නාගරම්බිරාන් කෝවිල අසල පොකුණක වළදමා තිබූ  රුපියල් කෝටි දෙකක් පමණ වටිනා පුරාණ ප්‍රතිමා හතරක් වඩුක්කෝඩේ පොලීසිය විසින් 8 දා සොයා ගෙන තිබේ.

වසර සියයකට වඩා පැරණි බවට සාධක ඇති මෙම  පිළිම හතරෙන් එකක් මුරුගන් දේව ප්‍රතිමාවක්  වන අතර අනෙක් තුනම රන් ආලේපිත මොණරුන්ගේ  ප්‍රතිමා වෙයි.

මෙම ප්‍රතිමා එම ස්ථානයේ වළදමා කාලයක් ගත වී ඇති බවටද පොලීසියට තොරතුරු ලැබී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලින්ම මෙම ප්‍රතිමා කෝවිලේ පිරිසක් විසින් දැක ඇති අතර ඒ පිළිබදව වඩුක්කෝඩෙයි පොලීසියට දැණුම් දීමෙන් පසුව ඒවා පොලීසිය බාරයට ගෙන පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

Exit mobile version