කෝටි ගණන් ගැසූ බව කියන විදුහල්පතිවරුන් දෙදෙනකු ගැන විමර්ශණයක්!

කෝටි ගණන් ගැසූ බව කියන විදුහල්පතිවරුන් දෙදෙනකු ගැන විමර්ශණයක්!

දිනසේන රතුගමගේ
යාපනයේ ප්‍රසිද්ධ පාසල් දෙකක විදුහල්පතිවරු දෙදෙනෙකු විසින් සිදු කොට ඇති රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

යාපනයේ කොකුවිල් හින්දු විද්‍යාලයේ විදුහල්පතිවරයා පාසලට සිසුන් ඇතුළැත් කර ගැනීමේදී හා පාසලට ලැබුණු ආධාර මුදල් වලින් විශාල මුදලක් උපයාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් මත ඔහුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

යාපනයේ ඌර්කාවතුරෙයි විදුහලේ විදුහල්පතිවරයා එම විද්‍යාලයේ අලංකරණ කටයුතු හා පරිසර ව්‍යාපෘතියක් සැකසීම සදහා විදේශ රටවල සිටින පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් ලබා ගෙන එම මුදල් ඔහුගේ ගිණුම් වලට තැන්පත් කරගෙන ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කොට තිබේ.


මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පාසල් දෙකේම පාසල් සංවර්ධන සමීතිවල නිලධාරීන් කළ සොයා බැලීම වලදී පාසලට මුදල් ලබා දුන් විශාල පිරිසක් සොයා ගැනීමට හැකි වී තිබේ.

නමුත් ඔවුන් පරිත්‍යාග කළ මුදල් කිසිම ලේඛනයක සදහන් වී නොතිබීම නිසා පාසල් සංවර්ධන සමීතියේ නිලධාරීන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කිරීමෙන් පසුව මෙම පරීක්ෂණ ආරම්භ වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම විදුහල්පතිවරු දෙදෙනාට එරෙහිව ආරම්හ කොට ඇති පරීක්ෂණ අවසන් වන තුරු එම විදුහල්පතිවරු දෙදෙනාව යාපනය කලාප අධ්‍යාපන කාර්යාලයට සේවය සදහා අනුයුක්ත කොට තිබේ.

Exit mobile version