කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත ලබාදිය යුතු බවට සද්භාවයෙන් තීරණය කර හිටපු ජනපතිවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායම් ෆයිසර් එන්නත් මිලියන 14.5 ක් ආනයනය කළත්    කොවිඩ් ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට පාලනය වීමත්  සමග ජනතාව එන්නත ලබා ගැනීමෙන් වැලකී සිටීම නිසා එන්නත් තොගයෙන් සියයට 87ක් ඉතිරි වූ බවත්  භාවිතයට ගෙන තිබුණේ එන්නත් තොගයෙන් 13 % ක් පමණක් බවත්  ඇමතිවරයා පැවසුවේය.

මෙම එන්නත වල ජීව කාලය අවසන් වීමට පෙර ඒ්වා යාබ ද හිතවත් රට වලට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධව තමන් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එන්නත් ලබා ගැනීමට ඉදිරිපත් වූ රටවල් තුනක්  ගබඩා කිරීම් ඇතුළු ප්‍රශ්න කිහිපයක් නිසා පසුව ඒ්වා ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව ඇමති වරයා කීවේය.

ඔහු පෙන්වා දුන්නේ ඉන් පසු එම කල් ඉකුත් වි ගිය එන්නත් තොගය විනාශ කිරීම හැර වෙනත් විකල්පයක්  ඉතිරි වී නොතිබුණ බවය.

මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව හෙළි කළ ඇමැතිවරයා මෙවැනිම තත්ත්වයක්  සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ස්වසන රෝග සඳහා ලබාදෙන  ඖෂධ සඳහාත් ඇති වූ බව කීවේය.


මෙම ඖෂධ රටට අවශ්‍යය ප්‍රමාණය ගණනය කර වාර්ෂිකව අදාළ ඇනවුම් සිදු කළත් කොවිඩ් සමයේ මුහුණු ආවරණ පැළඳීම, අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ ප්‍රතිපලයක් ලෙස  ස්වසන රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව වර්ෂ 2022 දී සැලකිය යුතු ලෙස අඩු වූ බව ඇමතිවරයා හෙළි කළේය.

මේ නිසා ඇනවුම් කළ ඖෂධ වලින් 80 % ක් පමණම භාවිතයට නොගැනීම නිසා ඉවත දැමීමට සිදුවූ බවත්  හෙතෙම පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ජනතා බදු මුදල් වැයකර මිල දී ගැනීම් සිදුකර තිබෙන රුපියල් කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත දැමීමට සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අවධාරණය කළේය.

Exit mobile version