කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙන් කොටසක් ඉන්දියාවට තිබිය යුතුයි….

ඇමරිකානු තානාපතිවරිය කියයි..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙහි කොටසක් ඉන්දියාවට තිබිය යුතු බවත් එය රටක් ලෙස කලබල විය යුතු තත්වයක් නොවන බවත් එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස්   කියා සිටි බව “ද සන්ඩේ මෝනිං“ වාර්තා කළේය.

“නිසැකවම, ඉන්දියාව ශ්‍රී ලංකාවේ වරාය පහසුකම්වල ප්‍රතිලාභීයෙක්.    සිදුවන බොහෝ  නැව්ගත කිරීමේ ක්‍රියාකාරකම්   සමඟ ඉන්දියාව සම්බන්ධ වී ඇති හෙයින් ඉන්දියානු සමාගමක් මෙහි කොටස් කරුවෙකු සිටීම අත්‍යවශ්‍ය යැයි මා සිතනවා. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අනාගතයට එය සඵල ලෙස බලපානු ඇති., ” ඇය ඊයේ (26) ජනමාධ්‍යවේදීන් හමුවේ  පැවසුවාය.

ඇය මෙම අදහස ප්‍රකාශ කර තිබුණේ   මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමඟ පැවති සාකච්ඡාවක දී මාධ්‍යවේදියෙක්   ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි


තානාපතිනිය වැඩිදුරටත් කීවේ    ශ්‍රී ලංකාව සිය ආර්ථික විධි විධානයන්ගෙන් උපරිම වටිනාකමක් අපේක්ෂා කළ යුතු බවය.    මේ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ මැදිහත්වීම “ඉතා හොඳ” බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ව්‍යාපාරික සැලසුමක දී තිරසාර හා ප්‍රයෝජනවත්  ප්‍රවේශයක්  ලබා ගැනීමට    ඔබේ ප්‍රධාන ව්‍යාපාරික හවුල්කරුට කොටස් ලබා දීම, මේ රට  සම්බන්ධයෙන්  අර්බුදයක්  ඇති කරන්නෙ නෑ…“   ඇය තවදුරටත් පැවසුවාය.

 

 

Exit mobile version