කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

කොළඹ රාජකීය විදුහල්පති විදුහලේ විදුහල්පති   බී.ඒ. අබේරත්න   සිය ධුරයෙන් ඉල්ලා අස් වූයේය.  අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වෙත ඔහු එම ඉල්ලා අස්වීම භාර දී තිබිණි..

වාර්තා වන අයුරින් සිද්ධිය මෙසේය.

විදුහල්පතිවරයා හා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය අතර මත ගැටුමක් ඇති වී තිබුණේ ඔහු වැඩ ආවරණය කිරීම සඳහා පසුගිය යහපාලන රජයෙන් පාසලට පත් කර එවූ වකවානුවේය. ඔහු පසුව පාසලේ විදුහල්පතිවරයා ලෙස ස්ථිර පත්වීම් ලැබීමත් සමග මේ ගැටුම උග්‍ර වී තිබිණි.


එහි ප්‍රතිඵලයක් ලෙස දෙසතියකට පෙර ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍යවරයා හමු වූ බව වාර්තා විය. ඒ බව සැලවීමෙන් පසු විදුහල්පතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා හමුවී සිදුවන දේ සම්බන්ධව විමසා තිබේ. අධ්‍යාපන ලේකම්වරයා පවසා ඇත්තේ විදුහල්පති ධුරයේ  ඉන්නවාද නැතිනම් ඉල්ලා අස්වෙනවා ද යන්න තෝරා ගැනීම ඇත්තේ ඔහු අතේ බවත් ධුරයේ රැඳී සිටිනවා නම් චෝදනා ගොනුවන ආකාරය අනුව   විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව බී.ඒ අබේරත්න විදුහල්පති ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. ඔහුට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම සඳහා කටයුතු සම්පාදනය වෙමින් ඇත.

 

 

 

Exit mobile version