කොළඹ ප්‍රබල පාතාල කල්ලි දෙකක් අතර මහ ගැටුමක් අත ළඟ!

මත්ද්‍රව්‍ය ජාවාරමට ප්‍රබල ලෙසින් සම්බන්ධ බව කියන කොළඹ බලවත් පාතාල කල්ලි දෙකක් අතර විශාල ගැටුමක් ඇතිවන ලකුණු පහළ වි ඇති බව අභ්‍යන්තර අරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා රක්ෂිත බන්ධනාගාරයෙන් ඇප මත නිදහස් වූ කංජිපානි ඉම්රාන් ගේ පිල සහ දෙමටගොඩ රුවන් නැමත්තාගේ කණ්ඩායම් අතර පවතින විරසකය මත මෙම ගැටුම ඇති වන ලකුණු පහළ වී ඇති බවත් කංජිපානි ඉම්රාන් බන්ධනාගාරනේ ඇප ලබා පිට වන අවස්ථාවේ සිට වෙස් වළාගෙන ගමන් බිමන් ගියේත් හැකි ඉක්මනින් රටින් පලා ගොස් ඇත්තේත් මේ හේතුව නිසා බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම ඔහු සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ දීර්ඝ කාලීන ආරවුලක සිටින දෙමටගොඩ රුවන් නැමති පාතාල නායකයාද මේ වනවිට ආරක්ෂාව පතා මෙරටින් පිටව ගොස් ඇති අතර ඔහුගේ දරුවන් පවා මේ වනවිට රටින් පිටකොට ඇති ව සඳහන් වේ.

මෙම කල්ලි දෙකම මේ වනවිට මත්දුව්‍ය මාෆියාව තුළ ප්‍රබල තැනක් අත්පත් කරගෙන සිටින අතර සිය මුදල් වියදම් කරමින් සිය සම්බන්ධතා ජාලය ඉහළ පෙළේ කොටස් දක්වා මේ වනවිට ව්‍යාප්ත කර ඇති බවත් මෙම සම්බන්ධතා සියල්ල භාවිත කරමින් ඔවුන් නීතියෙන් ගැලවී මෙම ජවාරම සිදු කරන තැනට පත්ව ඇති බව වාර්තා වේ.


ඔවුන් එකිනෙකාගෙන් පලි ගැනීමේ සටනක් ආරම්භ වුවහොත් මේ වනවිටත් සිදුවන පාතාල කල්ලි අතර ගැටුම පුංචි යුද්ධයක් තරමට තීව්‍ර විය හැකි බව මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

මේ අතර පසුගිය දෙසැම්බර් 25 වැනිදා මෙරටින් ඉන්දියාවට පළා ගිය බයට වාර්තා වූ කංජිපානි ඉම්රාන් පකිස්තානයට ඇතුළු වීමේ ප්‍රයත්නයක සිටින බවට බුද්ධි අංශ අනාවරණය කර ඇති අතර ඔහු මේ වනවිටත් පකිස්තානයට පලා සේ ඇතිද යන්න පිලිබඳව තවමත් තහවුරු ව නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු පකිස්ථානයේ අවි සහ මත්ද්‍රව්‍ය ජවාරමේ ප්‍රබලයන් සමඟ සමීප සම්බන්ධතාවක් ඇති පුද්ගයකු ලෙස ඉන්දීය බුද්ධි අංශ තොරකුරු අනාවරණය කරගෙන තිබුණි

Exit mobile version