කොළඹ නිවාස යෝජනා ක්‍රම 06ක්  අද උදෑසන 6 සිට හුදකලා බවින් නිදහස්…

කොළඹ දිස්ත්‍රික්කයේ පිටිහි නිවාස යෝජනා ක්‍රම 06ක්  අද උදෑසන 6 සිට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කළ බව  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් දැනුම් දී ඇත.

නිවාස සංකීර්ණවල,  කරන ලද පී.සී.ආර් පරීක්ෂණ නිමකිරීමෙන් ලද තොරතුරු මත මෙම තීරණය ගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.  මට්ටක්කුලිය රන්දිය උයන, මෝදර මෙත්සඳ උයන, මෝදර මිහිජය සෙවණ, ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන, ග්‍රෑන්ඩ්පාස් සමගි පුර, දෙමටගොඩ මිහිඳුසෙන්පුර උයන මෙසේ හුදකලා බවින් නිදහස් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ පිළිබඳව රජය නිකුත කළ නිවේදනය පහත දැක්වේ.


Exit mobile version