කොළඹ නගර සීමා ප්‍රදේශයේ කොවිඩ් මරණ වැඩි ඇයි දැයි වහාම සොයන්න..

නතාෂා නෙත්මිණි –                                            

කොළඹ නගර සීමා බලප්‍රදේශය තුල කොවිඩ් මරණ වැඩිවීමට හේතුව කුමක්ද යන්න වහාම සොයා බැලීමට කොවිඩ් මරණ සමාලෝචන කමිටුවක් වහාම පත්කරන්නැයි  රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

කොළඹ නගරයේ මේ වන විට කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යාමට පටන්ගෙන ඇති බවත් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් විශාල වශයෙන් හමුවන බැවින් එක දිනක් තුළ කොරෝනා මරණ 5ක් වාර්තා වීමෙන් ඉදිරියේදී මෙම සංඛ්‍යාව තවත් වර්ධනය විය හැකි යැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ  සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ නගරයේ පැතිර යන වෛරසය අනෙකුත් ප්‍රදේශවල පැතිර යන වෛරසයට වඩා වෙනස් වූවක්ද එසේත් නොමැති නම් වෛරසයේ යම් වෙනසක් සිදුව තිබෙන්නේද පාරිසරික බලපෑමක් ඇතිව තිබෙන්නේද නැතිනම් පුද්ගලයින්ගේ චර්යාමත්ම වෙනසකමක් මත මෙසේ මරණ සංඛ්‍යාව ඉහළ යන්නේද පිලිබදව වහාම සොයා බැලිය යුතුයැයි හෙතෙම පෙන්වාදේ


 

Exit mobile version