කොළඹ නගරාධිපති ධුරයෙන් රෝසි ඉවතට…?

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය එම තනතුරින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණට සහය නොදී සමගි ජන බලවේගයට හෝ වෙනත් ඕනෑම පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට සහාය දක්වන නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරු, විපක්ෂ නායකවරු හා පළාත් පාලන ආයතනවල (එජාප) මන්ත්‍රීවරු ඉවත් කිරීමට පක්ෂය මීට ඉහත දී ගන්නා ලද තීරණයකට අනුව රෝසි සේනානායක ධුරයෙන් ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් කටයුතු නොකරන පළාත් පාලන ආයතනවල නියෝජිතයින් පිළිබඳව සොයා බැලීමේ රහසිගත වැඩපිළිවෙලක් එක්සත් ජාතික පක්ෂය විසින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කර තිබූ අතර ඒ අනුව රෝසි සේනානායක මහත්මියට එක්සත් ජාතික පක්ෂයේ වරප්‍රසාද ලබා ගනිමින් නගරාධිපති ධුරය ද හොබවමින් සමගි ජන බලවේගය ශක්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස ගණනාවක්ට කටයුතු කළ බව පක්ෂය විසින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත.


රෝසි සේනානායක මහත්මිය ඉවත් කිරීමෙන් පුරප්පාඩු වන නගරාධිපති තධුරය සඳහා කොළඹ මහ නගර සභාවේ වත්මන් නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ඉක්බාල් සහ මීට ඉහත අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කළ ටයිටස් පෙරේරා යන මහත්වරු ඉල්ලුම් කර ඇති අතර මේ පිළිබඳව අවසන් තීරණයක ඉදිරි කාලය තුළ එජාපය විසින් ගැනීමට නියමිතය.

මේ අතර කොළඹ නගර සභාවේ එජාප සියලු මන්ත්‍රීවරු පළමුවෙනිදා සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත කැඳවා නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවති අතර ඊට නගරාධිපතිවරුන් හා තවත් එක් මන්ත්‍රී මන්ත්‍රීවරියක් සහභාගි වූයේ නැත.

මෙම රැස්වීමට අත්‍යවශ්‍ය හේතුවක් නිසා තමාට සහ සහභාගී වීමට නොහැකි බව නාගරික මන්ත්‍රීන් පක්ෂය වෙත දැනුම් දී තිබූ අතර නගරාධිපතිනිය එවැනි කිසිදු දැනුම්දීමක් කර නොතිබිණි.

මෙම නාගරික මන්ත්‍රීවරු දැනුවත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට දේශපාලන පක්ෂයක් හැදීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසිවිටෙක උපදෙස් නොදුන් බවයි.

පක්ෂයේ විනය කඩකරමින් ජාතික සමගි ජන බලවේගයෙන් නාම යෝජනා භාරදී සිටින සියලු එජාප සාමාජිකයින්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි කළ බවත් ඊට ප්‍රතිචාර ලැබුණු වහාම ඉදිරියට දින කිහිපය තුළ ඒ සම්බන්ධයෙන්යෙන් අවශ්‍ය තීරණයකට පැමිණෙන බව පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රැස්වීම් අවසානයේ නාගරික මන්ත්‍රීවරු සියලු දෙනා මෙවර මැතිවරණයේදී අලියා ලකුණ දිනවීමට කැපව ක්‍රියාකරන බවට සහ සහතික වූහ.

Exit mobile version