කොළඹ ඩෙල්ටා සුනාමිය ආචාර්ය ජීවන්දර හෙළිකරයි..

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ නගරය තුළ පැතිරී යන ප්‍රධානම කොවිඩ් වෛරස් ප්‍රභේදය ඩෙල්ටා බවත්, නගර සීමාවෙන් හඳුනාගත් ආසාදිතයින්ගෙන් 75%කට වඩා ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි

ඔහු සඳහන් කර තිබුණේ ජූලි මාසයේ පළමු සතිය තුළ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ගණන 19.3% ක් ලෙස වාර්තා වූවත් මේ වනවිට එය 75% දක්වා ඉහළ ගොස් ඇති බවය.

කොළඹ නගරය තුළ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති ආකාරය පිළිබඳ ප්‍රස්ථාරයක් ඉදිරිපත් කරන ආචාර්ය ජීවන්දර මේ ත්තවය පිළිබඳ සලකා බැලීමේ දී රට ඇත්තේ ඉතා බරපතල අර්බුදයක බව පවසයි.


Exit mobile version