කොළඹ ට්‍රැෆික් අඩු කරන්න ගුවන් හමුදාවෙන් මෙහෙයුමක්

කොළඹ මාර්ග තදබදය අවම කිරීම වෙනුවෙන් ගුවන් හමුදාවේ බෙල් 212 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානා යොදාගෙන ශ්‍රී ලංකා පොලිසිය සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දිවයිනේ සංචරණ සීමාවන් ඉවත් කිරීමෙන් පසු කොළඹ ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව නිරීක්ෂණය වූ බවයි.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින රථවාහන තදබදය අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, තත්ත්වය නිරීක්ෂණය කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව ඔහු පැවසීය.


ඒ අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි බෙල් 212 හෙලිකොප්ටරයක් ​​මුළු කොළඹ ප්‍රදේශයම ආවරණය වන පරිදි යොදවා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව නව කැලණි දියත උයන, පංචිකාවත්ත, ආයුර්වේද වටරවුම, ලෝටස් වටරවුම, පාර්ලිමේන්තුව ආසන්නයේ ඩ්‍රෝන යානා භාවිත කරමින් තදබදය පිළිබඳ නිරීක්ෂණය කරන බව ද හෙතෙම පැවසීය.

Exit mobile version