කොළඹ  කේන්ද්‍ර කරගෙන තදාසන්න පෙදෙස්වල සිට අධිසුඛෝපභෝගී බස් රථ සේවාවක් !

රජයේ  මැදිහත්වීම ද සහිතව   ඉදිරියේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අධිසුඛෝපබෝගී බස් රථ සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි  සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.  

රජය මැදිහත් විමෙන් ණය පදනමක් මත ලබා ගන්නා  බස්රථ 100ත් පමණ  යොදවමින් මෙම සුඛෝපභෝගී බස් රථ සේවාව ඇරඹුන පසු කාරියාල සේවය සඳහා සිය පුද්ගලික  වාහනවලින් කොළඹ එන පිරිසට එසේ පැමිණීමේ අවශ්‍යතාවය පැනනොනගිනු ඇතැයි සභාපතිවරයා  පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ බස් රථ ගෙන්වීම සම්බන්ධයෙන් දැනටමත් චීනයේ සමාගම් දෙකක් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ඔහු කියයි.

 

 

Exit mobile version