කොළඹ ආයෙත් කුඩු සුලබ වෙයි

මත්කුඩු වැටලීම් මෙහෙයුම් යළි මන්දගාමීවීමත් සමඟ කොළඹ මත්ද්‍රව්‍ය වෙළදාම සීඝ්‍රයෙන් සිදුවන බව බුද්ධි අංශවලට අනාවරණය වී තිබේ.

පසුගිය දිනවල මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි ලෙස සිදු වූ කාලයේ අගනුවර සහ ආසන්න ප්‍රදේශවල කුඩා මත්කුඩු පැකට්ටුවක මිල රුපියල් 2500-3000 පමණ දක්වා ඉහළ ගිය ද මේ වනවිට එම කුඩු පැකට්ටුවක මිල රුපියල් 500 ක් දක්වා අඩුවී ඇති බව වාර්තා වේ.

එමෙන්ම පසුගිය සති කිහිපය තුළ බන්ධනාගාර ඇතුළත සිට සිදුකෙරෙන මත්කුඩු ජාවාරම යළි සක්‍රීය වීමක්ද බුද්ධි අංශ නිරීක්ෂණයට ලක්ව ඇත.


ජංගම දුරකථන භාවිතය තවදුරටත් බන්ධනාගාර තුළ සිදුවන බව බුද්ධි අංශ විසින් තහවුරු කරගෙන ඇති බව ලංකාසරට වාර්තා වේ.

මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ පෙර නොවූ විරූ ලෙස මත්ද්‍රව්‍යවලට එරෙහි වැටලීම් සිදු වූ අතර එයින් මේ වනවිට මත්කුඩු කිලෝ 40000ක් සහ මත්පෙති විශාල තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ වුවද පසුගිය දිනවල මෙම වැටලීම් අඩුවීමක් සමග යළි මත්කුඩු ජාලය සක්‍රීය වී ඇති බව එම ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

Exit mobile version