කොළඹින් ඉස්සූ වාහනයක් යාපනේ දී විකුණන් ගිහින් කොටු වේ…

ලිපි ලේඛණ ව්‍යාජව සකස් කරලා... විකුණන්න හදලා තිබෙන්නෙ ලක්ෂ 38කට

දිනසේන රතුගමගේ –

ව්‍යාජ ලෙස ලිපි ලේඛන සකසා අලෙවි කිරීම සඳහා කොළඹ සිට  යාපනයට රැගෙන එන ලද මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු 30 දා යාපනය නෙල්ලිඅඩි පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් අත් අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් හෙළි වී ඇත්තේ කොළඹදී හොරකම් කරණ ලද මෙම මෝටර් රථය සම්බන්ධයෙන් ව්‍යාජ ලිපි ලේඛණ සකසා එය යාපනයට රැගෙන විත් රුපියල් ලක්ෂ 38 ක මුදලකට අලෙවි කිරීමට සූදානම්  වූ බවයි.

මෝටර් රථය අලෙවි කරන්නට යාමේදී ඇති වූ ප්‍රශ්නයක් මත යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ ගැණුම්කරුට යම් සැකයක් පහළ වී ඔහු ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කොට තිබේ.


ඒ අනුව පොලීසිය පැමිණ ලිපි ලේඛන පරීක්ෂ කොට බලා සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නෙල්ලිඅඩි පොලීසිය විසින් අත් අඩංගුවටගත් එම සැකකරුවන් දෙදෙනාගෙන්  තවදුරටත් ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන් දෙදෙනාව යාපනය අධිකරණය  වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version