කොස්ගොඩට කැස්බෑවුන් තිදෙනෙක් සහ දුර්ලභ මත්ස්‍යයෙක් ගොඩ ගසයි..

ජයකාන්ත ලියනගේ – බළපිටිය –

කැස්බෑවන් තිදෙනෙකු ඊයේ (03) උදෑසන කොස්ගොඩ, දූවේමෝදර වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගෙන තිබේ. එයට අමතරව දුර්ලභ ගණයේ මත්ස්‍යයෙකුද එම වෙරළ තීරයටම ගොඩගසා තිබියදී සොයා ගෙන ඇත.

දුර්ලභ මත්ස්‍යයා…

මෙම කැස්බෑවන් තිදෙනාගේ සහ මත්ස්‍යයාගේ සිරුරු පරීක්ෂණ කටයුතු සදහා වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත ලබාදෙන බව කොස්ගොඩ පොලීසිය කියයි.

පසුගියදා කොළඹට ආසන්න වෙරළ තීරයේදී ගිනිගත් රසායනික දව්‍ය අඩංගු නෞකාවේ බලපෑම මත මෙසේ කැස්බෑවන් මියයන බව පරිසර වෙදීහූ ප්‍රකාශ කරති.


මියගිය කැස්බෑවෙක්

නමුත් රාජ්‍ය අමාත්‍ය ආචාර්යය නාලක ගොඩහේවා ප්‍රකාශ කරන්නේ මෙසේ කැස්බෑවන් මිය යන්නේ මුහුදේ වාරකන් කාලය නිසා බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය කැස්බෑවන් තිදෙනාගේ සහ මත්ස්‍යයාගේ සිරුරු මුහුදට ගොඩගසා තිබූ අයුරු ඉහත ඡායාරූප වල දැක්වේ.

 

Exit mobile version