කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 05ක් හෙට කටුනායකට…

නතාෂා නෙත්මිණි –                                           

ඉන්දියාවෙන් ඇනවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා මුල්ම එන්නත් තොගය හෙට (25) දිවයිනට පැමිණීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු  රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සදහන් කළාය

ඒ අනුව හෙට ලංකාවට ලැබීමට එන්නත් තොගය   ලක්ෂ 5ක් වන අතර එය ගම්පහ සහ කොළඹ වැඩියෙන්ම කොවිඩ් රෝගීන් හා මරණ වාර්තා වූ ප්‍රදේශයන් හී ජීවත් වන වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට ලබා දීමට කොවිඩ් මර්දන බලකයා තීරණය කර ඇතැයිද ඇය සදහන් කළාය.

කෙසේ නමුත් කොවිඩ් මර්දන බලකාය ගන්නා ඇතැම් තීන්දු තීරණ සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව විසින් වෙනස් කිරීමට ලක් කරන බැවින් එන්නත්කරණ වැඩ පිලිවෙල තුල ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වී ඇතැයි ඇය පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වන් සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයාව පවා දැනුවත් කල බවත් එන්නත්කරණ වැඩපිලිවෙල අඛණ්වට ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවද ඇය අවදාරණය කළාය.

 

Exit mobile version