කොවිඩ්-19 මෘතදේහ භූමිදානය කිරීමට අගමැති මහින්දගෙන් උපදෙසක්

කොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමිදානය කළ හැකිදැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (10) දින පැවැත්විණි.

කොවිඩ්-19 වයිරසයෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්නැ යි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

එහිදී දැනට මෙම වයිරසයෙන් මියයන පුද්ගලයෙකුගේ දේහය තුළ වයිරසය දින 36 ක් පමණ පවතින බව සෞඛ්‍ය බලධාරීහු මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළහ.


සෞඛ්‍යයට බලපාන කරුණු අරඹයා ජාතින් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා , සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ග වල ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව සඳහන් කළේය.

ඒ සඳහා සහය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන අලි සබ්රි,පවිත්‍රා වන්නිආරච්චි,රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර මහත්ම මහත්මීන් ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච් මුණසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටි

Exit mobile version