ලලිත් චාමින්ද –
covid -19 වෛරසය ආසාදනය වී මෙරට දී මියගිය පළමු වෛද්‍යවරයාගේ මරණය වාර්තා වී තිබේ.
ඒ රාගම රෝහලේ වෛද්‍යවරයකු වූ වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතායි.
ඔහු වෛරසය ආසාදනය වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණි. වෛද්‍යවරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගියේය. කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය කේ.එච්.ජි ජිවරත්න ඒ බව තහවුරු කළේය.
මෙය ලංකාවේ කොරොනා වෛරසය ආසාදනය විමෙන් වෛද්‍යරයකු මියගිය පළමු අවස්ථාව වන අතර මියගොස් ඇත්තේ රාගම රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන නැමති (32) හැවිරිදි වියේ පසුවු වෛද්‍යවරයෙකි. හේ කොරෝනා ආසාදනය විමෙන් රාගම රෝහලේ සිට කොළඹ අයි.ඩි එච් රෝහලට ප්‍රතිකාර සදහා යොමුකොට තිබුණි. මෙම වෛද්‍යවරයා දිය වැඩියා රෝගියෙන් ද පිඩා විදමින් සිට ඇත. ඔහුට කොරෝනා ආසාදනයත් සමග ඇති වු නිව්මෝනියා තත්වය හේතුවෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරිමට අපහසු වි තිබුණි. එම අවස්ථාවේ රෝහල්වල දැඩිසත්කාර ඒකකවල ඇඳන් පිරිතිබු අතර මේ නිසා කරාපිටිය රෝහලේ තිබුණු ඇඳක් හිස් වූ වහාම වෛද්‍යවරයා කරාපිටිය රෝහලට මාරු කළේය.
කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය කේ.එච්.ජි ජිවරත්න මේ පිළිබද අදහස් දක්වමින් මෙසේ කිවේය.
“ එම අවස්ථාවේ දැඩිසත්කාරක ඒකකවල තිබු ඇඳන් පිරිතිබු නිසා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලිමකට අනුව මේ වෛද්‍යවරයා කරාපිටිය රෝහලට මාරුකළේ. ඔහු අපි සතියක් යනතෙක් හොදින් රැක බලා ගත්තා. මොලයේ ලේ වහනය විමෙන් වු විවිධ සංකුලතා හේතුවෙන් තමයි මරණය වෙලා තියෙන්නේ. මෙම වෛද්‍යවරයා 32 හැවිරිදි වියේ පසුවන තරුණ වෛද්‍යවරයෙක් .කොරෝනා ආසාදනය විමෙන් ලංකාවේ පළමු වරට තමයි වෛද්‍යවරයකු මියගියේ“ යැයිද වැඩබලන අධ්‍යක්ෂකවරයා කිවේය.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර් පාසලෙන් අකුරුකොට ඇති මෙම වෛද්‍යවරයා චිනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්තේය. මියගිය වෛද්‍යවරය මිය යනතෙක්ම රාගම ශික්ෂණ රෝහලේ සේවය කළේය. ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම වෛද්‍යවරයාගේ පියාද වෛද්‍යවරයකි. මියගිය වෛද්‍යවරයාගේ පවුලේ කිහිප දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද පැවසේ. මියගිය වෛද්‍ය වරයාගේ පශ්චාත් මරණ පරික්ෂණ අද පැවැත්විමට නියමිතව ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
මියගිය වෛද්‍යවරයාගේ අවසන් කටයුතු අද (02) පස්වරු 4.00ට දඩැල්ල ආදාහනාගාරයේ දි නිරෝධායන නිතිරිති අනුව සිදුකිරිමට නියමිතව ඇත. කරාපිටිය ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවයාගේ හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ දැඩැල්ල ආදාහනාගාරයේ දි අවසන් කටයුතු සිදුකරණ බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි