කොවිඩ් සිරුර ඉවත් කර නොගතහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට කරාපිටිය වෛද්‍යවරු වර්ජනයක

The medical examiner's office in New Mexico is considered the gold standard that all medical examiners should meet because it employs enough staff to investigation and autopsy all sudden or violent deaths.

ලලිත් චාමින්ද –

කොවිඩ් මල සිරුර ඉවත් කර නොගතහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට කරාපිටිය වෛද්‍ය පීඨයේ සියලුම අධිකරණ වෛද්‍යවරුන් සිය සේවා වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති  කොවිඩ් ආසාදිත  පුද්ගලයකුගේ මළ සිරුර මෘත ශරිරාගාරයෙන් ඉවත්කරගන්නා තෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ හා රුහුණු වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ අධිකරණ වෛද්‍යවරු   සිය සේවා කටයුතු වලින්  අද පස්වරු 1.30 දක්වා තාවකාලිකව ඉවත්ව සිටියහ.

එහෙත් අද (23) දින මියගිය පුද්ගලයින් 05 දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ සිදුකිරීමට තිබුණි.  මියගිය පුද්ගලයින්ගේ ඥාතින්  පිළිබඳ සලකා බලා එම පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ  සිදු කිරීමට වෛද්‍යවරු තීරණය කළ බව කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි  යු.සි.පි.පෙරේරා පැවසිය. 


කෙසේ වෙතත් මෙම මෘත දේහය  ඉවත්කර නොගතහොත්  අද (23) මධ්‍යම රාත්‍රියේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හා  කරාපිටිය වෛද්‍ය පිඨයේ  සියලුම අධිකරණ වෛද්‍යවරුන් සිය සේවාවලින් ඉවත් විමට තින්දුකොට ඇති බව ද හෙතෙම කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු හා සෞඛ්‍ය බලධාරින් දැනුවත් කිරිමට කටයුතු කර ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version