කොවිඩ් සමග කොළඹට ඩෙංගු ප්‍රහාරයක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවූ ඩෙංගු රෝගීන්ගෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් හමුවී ඇත්තේ කොළඹ නගර සභා බල සීමාව තුළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයෙන්ම හමුවී ඇත්තේ ඩෙංගු රෝගීන් 1297ක් බවත් ඉන් 384 දෙනෙකුම වාර්තා වන්නේ කොළඹ නගර සීමා බලප්‍රදේශයන් බවත් ඔහු පෙන්වා දුන්නේය.

කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් දිනකට 70 – 80 අතර සංඛ්‍යාවක් හමුවන බව පවසන ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරාය මෙම ආසාදිතයන් පළමු පෙල ආශ්‍රිතයින්ගෙන් හදුනාගන්නා අය බව කීවේය.

කොළඹ නගරය තුල එන්නත්කරණ වැඩ පිළිවෙල සාර්ථකව අඛණ්ඩව කරගෙන යාම හමුවේ කොළඹ නගර තුල විශාල පොකුරු මතු වීම මුළුමනින්ම නතර වුවද කුඩා කුඩා පොකුරු මතුවීම තවමත් දක්නට ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

Exit mobile version