කොවිඩ් වෛරසය අපේ පොඩි ව්‍යාපාරිකයන්ගේ කෝටි 51400ක් ගිලී

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට ගැමි ව්‍යාපාරිකයන් වැඩියෙන් නියෝජනය වන ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් රුපියල් කෝටි 51400ක එනම් රුපියල් බිලියන 514ක මුදලක් අහිමි වනු ඇතැයි ආසියානු බැංකු පුරෝකථනවලින් හෙළි වී ඇතැයි ව්‍යාපාර උපදේශන ආයතනයක් පවසයි.

සෑන්ඩ්බොක්ස් කන්සල්ටන්සි සර්විසස් නැමැති මෙම උපදේශන ආයතනයට අනුව ශ්‍රි ලංකාවේ පවතින සමස්ත ව්‍යාපාරවලින් සියයට 92ක්ම ක්ෂුද්‍ර සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතන බවත් එයින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට වන දායකත්වය සියයට 52ක් පමණ වන බවත් ආසියානු සංවර්ධන බැංකුව විසන් සිදු කරන ලද අධ්‍යයනයකදී හෙළි වි ඇති අතර කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකයට අහිමි වන්නට යන මුදල පිළිබඳව සැලකීමේදී ඊට සමනුපාතිකව බිලියන 514ක මුදල මෙම කුඩා ව්‍යාපාර වෙතින් මෙරට ආර්ථිකයට අහිමි වෙයි.

සෑන්ඩ් බොක්ස් කන්සල්ටන්සි ආයතනය මේ සම්බන්ධයෙන් සකස් කර ඇති සවිස්තර වාර්තාවට අනුව කොවිඩ් බලපෑම හේතුවෙන් ජාතික ආර්ථිකයට අහිමි වේ යයි ගණන් බලා ඇති මුදල රුපියල් ට්‍රිලියන 8.8කි. එනම් බිලියන 8800කි. දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 52කට සාපෙක්ෂව ගණන් බැලීමේදී ඉහත කී පරිදි රුපියල් කෝටි 51400ක් මේ අනුව මෙම ව්‍යාපාර වෙතින් අහිමි වෙයි. ශ්‍රි ලංකාවේ ශ්‍රම ජනගහණය පිළිබඳව සැලකීමේදී එයින් සියයට 45ක් පමණ නියෝජනය කරන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආශ්‍රිතවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් අතරින් සියයට 62ක්ම ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාරවල නියැළෙන අතර ඒ අනුව බලන කල මෙරට ශ්‍රම බලකාායෙන් සියයට 27ක්ම මෙම ක්ෂේතය හරහා ආදායම් උපයති. එබැවින් නිසි විසඳුම් නොයදුවහොත් ඉදිරියේදී මෙරට ශ්‍රම බලකායටත් ඔවුන්ගේ ආදායමින් ජීවත් වන පවුල්ටලත් බරපතල ආර්ථික අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි මෙම වාර්තාව සඳහන් කරයි.

Exit mobile version