කොවිඩ් වෛරසයෙන් බේරෙන්න රන් මාස්ක් එකක් පැළඳි මිනිසෙක්

ගෝලීය කොවිඩ්-19 වසංගතයේ තෙවැනි ස්ථානයට වැඩිම හානියට පත්වූ රට වූ ඉන්දියාවේ එම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එරට ව්‍යාපාරිකයකු විසින් ඩොලර් 4,000 ක් වැයකර රන් මුඛ ආවරණයක් නිර්මාණය කරගෙන් තිබේ.

එය රත්‍රන් ග්‍රෑම් 60 ක් (අවුන්ස දෙකක්) බරින් යුතු වේ. එය සෑදීමට දින අටක් ගත වූ බව එය සකස් කරවූ බටහිර පූනේ නගරයේ ව්‍යාපාරික ශංකර් කුර්හේඩ් පැවසීය.

“එය සිහින් කුඩා සිදුරු තියෙන අයුරින් සකස් කර තිබෙනවා. මට හුස්ම ගැනීමට උපකාරී වන්න. මෙයට මෙතරම් මුදලක් වැය කළත් කොරෝනා වෛරසයෙන් මාව ආරක්ෂා කරන්න මෙය ඵලදායී වේදැයි මට විශ්වාස නෑ. නමුත් මම වෙනත් සෞඛාරක්ෂිත ක්‍රම අනුගමනය කරනවා” ශංකර් පවසා තිබේ.


49 හැවිරිදි ඔහු කියා සිටියේ කිලෝ ගණනක් බරැති රන් ආභරණවලින් සැරසී සිටීමට තමා කැමති බවයි.

ඔහුගේ අතේ සෑම ඇඟිල්ලකම මුදුවක් මෙන්ම වළල්ලක්, විශාල රන් මාල පැළඳ සිටි.

කාර්මික භාණ්ඩ නිපදවන සමාගම් හිමිකරුවෙක් වන කුර්හාඩ් පැවසුවේ රන් මුහුණු ආවරණ සඳහා තමාට අදහස ලැබුණේ රිදී වලින් සාදන ලද මිනිසෙකු පිළිබඳ මාධ්‍ය වාර්තාවක් දුටු පසුව බවයි.

“මිනිස්සු කැමති මාත් එක්ක සෙල්ෆි ගන්න” ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඉන්දියාව විසින් පොදු ස්ථානවල මුහුණු ආවරණ අනිවාර්ය කර තිබේ.

 

 

Exit mobile version