කොවිඩ් වෛරසයට දින 25ක් ජලයේ ජීවත්විය හැකි බව හෙළිවෙයි

කොවිඩ් ආසාදිතයන්ගේ මළ ද්‍රව්‍ය මුසු වු ජලයේ දින 25ක් දක්වා කාලයක් කොවිඩ්-19 වෛරසයට පැවතිය හැකි බව එංගලන්තයේ ඔක්සෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් විසින් අනාවරණය කරගෙන තිබේ.

රටවල් 39කින් ලබා ගත් සාම්පල දත්ත විශ්ලේෂණයෙන් මේ බව අනාවරණය කරන මෙම පර්යේෂකයන් පවසන්නේ ජලයේ උෂ්ණත්වය අඩු වීම සහ වෛරසයේ සාන්ද්‍රණය අධික විම මත මෙම වෛරසය පවතින කාලය දීර්ඝ විය හැකි බවය.

මෙම පර්යේෂණය සිදු කොට ඇත්තේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සාක්ෂි පදනම් වූ වෙදකම පිළිබඳව මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය කාල් හෙනෙගන් සහ ආචාර්ය ටොම් ජෙෆර්සන් නම් පර්යේෂකයන් විසිනි.


ඔවුන් රටවල් 39ක පරයේෂණ තොරතුරු මෙස් සඳහා පදනම් කරගෙන තම දත්ත විශ්ලේශණය කර ඇති අතර එයින් අනාවරණය කරගෙන ඇත්තේ ජල මූලාශ්‍රවලට අප ජලය මිශ්‍ර වීම, ජලයේ සිසිලස මෙන්ම අදාළ රටේ හෝ ප්‍රජාව තුළ සිටින ආසාදිතයන් ප්‍රමාණය මත ජලයට මුසු වන වෛරස ප්‍රමාණය මෙන්ම එය කල් පැවතීම තීරණය වන බවය.

ඒ අනුව විශේෂයෙන් පෞද්ගලික මට්ටමේ ගෘහස්ත ජල පරිභෝජනයක් පවතින රටවල ට එම අවදානම අඩු වන අතර පොදු මළ වහන පද්ධති, ජලයේ උණුසුම වැඩිවීම වැනි තත්ත්ව සමඟ මෙය දින 25ක් පමණ කාලයක් වෛරසය ජලයේ දැකිය හැකි බවට ඔවුන් විසින් නිරීක්ෂණය කරන ලද බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි අවදානමස් සහගත ප්‍රජාවන් ජීවත් වන ප්‍රදේශවල පොදු මළවහන පද්ධතින් උතුරා යන අවස්ථා රටවල් ගණනාවකම නිරීක්ෂණය කරන ලද අතර එවැනි පසුබිමක් තුළ රෝගය ජලය හරහා පැතිරීමේ ඉඩක් පවතනි බවට මෙම පර්යේෂකයෝ මත පළ කරති.

Exit mobile version