කොවිඩ් වැළඳී සුවය ලබා ගිය දෙදෙනෙක් කොවිඩ්වලින් නිවෙස් තුළම මරුට

covid

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා වෛරසය ආසාදනය වි සුව විමෙන් පසු නිවෙස්වලට ගොස් සිටි සිවිදරුමවකට හා එක්දරුපියෙකුට නැවත කොරෝනා වෛරසය ආසාදනය වි කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයකදි අනාවරණය විය.

මියගොස් ඇත්තේ හික්කඩුව වවුලගොඩ පදිංචි 73 හැවිරිදිවියේ පසුවන සිව්දරුමවක් හා බුස්ස ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදිවියේ පසුවන එක් දරුපියෙකි.

සිව්දරුමව කොරෝනා වෛරසය ආසාදනය විමෙන් පසු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගින් සඳහා වෙන්කොට ඇති වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිට මැයි 20 වැනිදින සුව වි නිවසට ගොස් ඇත. ඇයගේ පවුලේ සාමාජිකයින් ද නිරෝධායනයට ලක්කොට ඇත.

මෙම මව නිවසේ සිටියදි හුස්ම ගැනිමට අපහසුවි ඇති අතර නිවැසියන් විසින් 1990 හදිසි ගිලන් රථ සේවාවට දැනුම් දි ඇත. ගිලන් රථය පැමිණෙන විට මව නිවස තුළම මියගොස් ඇති බැව් හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.

බුස්ස ප්‍රදේශයේ පදිංචි එක් දරුපියා කොරෝනා වෛරසය ආසාදනය වි වළහන්දුව කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබාගෙන ඇත. ඔහු 28 වැනිදින එම වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ සිට සුවය ලබා නිවසට ගොස් ඇති අතර දින 03කට පමණ පසු හුස්ම ගැනිමට අපහසුවිමෙන් නිවස තුළදි මියගොස් ඇත.

මිය ගිය සිව්දරුමවගේ හා එක් දරුපියාගේ හදිසි මරණ පරික්ෂණය රත්ගම හදිසි මරණ පරික්ෂක වයි.එම් සාගරිකා නිල්මිණි මහත්මිය විසින් සිදුකරණු ලැබිය. පශ්චාත් මරණ පරික්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධිදන්දෙණිය ආරච්චි මහත්මිය විසින් සිදු කළාය. ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරිය කොවිඩ් නිව්මෝනියාවෙන් මෙකි මරණ වි ඇති බවට තින්දු කළාය.


Exit mobile version