කොවිඩ් වැළඳී සිටි ලොව සුප්‍රසිද්ධ නිවේදක ලැරී කිං මියයයි

ලෝකප්‍රකට ‘ලැරී කින්ග් ලයිව්’ නිවේදක ලැරී කින්ග් ජීවිතයෙන් සමුගෙන තිබේ.

ඔහුගේ මරණයට හේතුවක් සඳහන් කර නැති නමුත් ඔහු පසුගිය දිනවල කෝවිඩ් -19 සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇත.මිය යනවිට ඔහු 87 වැනි වියෙහි පසුවිය.

කිං දෙසැම්බර් මස අගදී කෝවිඩ් -19 ආසාදනය වීමෙන් රෝහල් ගත කර ඇති බව පවුලේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී ඔහු දැඩි සත්කාර ඒකකයේ ද දින ගණනක් ප්‍රතිකාර ලැබූ බව විදෙස් වාර්තා පැවැසීය.


කිං හෘදයාබාධ කිහිපයකින් පීඩා විඳි සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දුන්නේය. 1987 දී ඔහු 5 වෙනි බයිපාස් සැත්කමට ද භාජනය කළ අතර රක්ෂණයක් නොමැති අයට ආධාර සැපයීම සඳහා ලැරී කිං හෘද පදනම පිහිටුවීමට එමගින් ඔහු පෙලඹුණි.

කිං 2017 දී හෙළි කළේ තමාට පෙනහළු පිළිකාවක් ඇති බව හඳුනාගෙන ඇති අතර එයට ප්‍රතිකාර කිරීම සඳහා සැත්කම් සාර්ථකව සිදු කර ඇති බවයි.

2019 දී පපුවේ වේදනාව හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර තමාට ආඝාත තත්ත්වය වැළඳී ඇති බව පවසා තිබුණි.

පසුගිය වසරේදී ඔහුගේ වැඩිහිටි දරුවන් දෙදෙනෙකු සති කිහිපයක් ඇතුළත මිය ගිය විට කිංට පෞද්ගලිකව ද කඩාවැටීමක් සිදුවිය

65 හැවිරිදි ඇන්ඩි කිං හෘදයාබාධයකින් පෙළුණු අතර දියණිය චියා කිං (52) පෙනහළු පිළිකාවක් හේතුවෙන් මිය ගියේය. කිංට පුතුන් තිදෙනෙක් සිටී.

ජනාධිපති අපේක්ෂකයින්, කීර්තිමත් පුද්ගලයන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සිනමා තරු සම්මුඛ සාකච්ඡා කරමින් ලැරී කිං වසර 25 කට වැඩි කාලයක් සීඑන්එන්හි “ලැරී කිං ලයිව්” සත්කාරකත්වය සැපයීය. එහි කොටස් 6,000 කට වැඩි ප්‍රමාණයක් පැවැත්වීමෙන් පසු ඔහු 2010 දී විශ්‍රාම ගියේය.

යුරෝපීය සංක්‍රමණිකයකුගේ පුතෙකු වන බෘක්ලින් හි හැදී වැඩුණු ඔහු කිසි දිනෙක විද්‍යාලයට නොගිය අතර 1950 සහ 60 දශකවල ෆ්ලොරිඩාවේ දේශීය ගුවන් විදුලි සම්මුඛ පරීක්‍ෂකවරයකු හා ක්‍රීඩා විචාරකයෙකු ලෙස සිය නිවේදන වෘත්තීය ආරම්භ කළේය.

නිවේදන කලාවේ පුරාවෘත්තයක් බඳු ඔහුගේ සම්මුඛ සාකච්ඡා හැමවිටම උණුසුම් පුවත් මැවීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසර 65ක් තිස්සේ ජනාධිපතිවරුන්, වියතුන්ගේ සිට ජාවාරම්කරුවන් දක්වා 50,000කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් සමඟ ඔහු සම්මුඛ සාකච්ඡා පැවැත්වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Exit mobile version