කොවිඩ් වැලඳී සුව වූ අයට රාජකාරියේදී සහනයක් අවශ්‍යයි

කොවිඩ් වෛරස ආසාදනයට ලක්වූ පුද්ගලයන්ට ටික කලක් ගත වන තෙක් පවතින කායික සහ මානසිකමය අපහසුතා සහිත කොව්ඩි තත්ත්ව කළමනාකරණය කර ගැනීම සඳහා ඔවුන් නිරත රාජකාරී පරිසර තුළ යම් සහනශිලී ප්‍රතිපත්තියක් අවශ්‍ය බව වෛද්‍යවරු අවධාරණය කරති. ඔවුන් රාජකාරිවලට සම්බන්ධ කර ගැනීමේදී ඔවුන්ට ශාරීරිකව සහ මානසිකව ඇතිවන අපහසුතා අවම වන ආකාරයට රාජකාරී වගකීම් ලබා දිය යුතු බවත් ඔවුන්ට එම කටයුතුවලදී යම් සහනයක් ලබා දීම අතිශයින්ම වැදගත් බවත් කොළඹ ජාතික අක්ෂි රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පැවසීය.

පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වෛද්‍ය වරුණ ගුණතිලක පෙන්වා දුන්නේ කොවිඩ් ආසාදිනය වී සති තුනක් පමණ ගත වූ පසුව ඇතැම් පුද්ගලයන්ට විවිධ පසු කොවිඩ් සංකූලතා නිර්මාණය වන බවය. වෛද්‍ය පර්යේෂකයන්ට අනුව කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් අතරින් සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකට මෙවැනි පසු කොවිඩ් සංකූලතා ඇතිවිය හැකි බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා මෙරට දැනට කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් අතරින් වැඩි පිරිසක් විවිධ රැකියා කරන පිරිස අතරට අයත් බැවින් ඔවුන් ට රාජකාරී පැවරීමේදී කය සහ මනස වෙහෙසවීම සීමා සහිත මට්ටමකින් යම් කාල අන්තර අනුව සිදු කළ යුතු ව පසක් කළේය.

“මෙම රෝගීන්ට කොවිඩ් ආසාදනය වී සති හතරක් පමණ ඉක්ම ගිය පසුවද හුස්ම ගැනීමේ අපහසුතාව, හතිය, හිසරදය, පොඩි වැඩක් කළත් අධික වෙහෙස, නින්ද නොයාම, හේතුවක් නැතිවු ඩහදිය දැමීම, කැස්ස වැනි කායික ලක්ෂණත් මානසික අවපීඩන ත්තවය ඇතුළු කාංසාව, අමතක වන ස්වභාවය , මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම වැනි පසු කොවිඩ් ලක්ෂණ බොහොමයක් පවතිනවා“ වෛද්‍ය ගුණතිලක සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදනය වූ කොලඹ අක්ෂි රේාහලේ කාර්ය මණ්ඩල අතරින් ඔවුන්ගෙන් සියයට 50කට පමණම පසු කොවිඩ් ත්තත්ව පෙන්නුම් කළ බවත් ඔවුන්ට එම ත්ත්ව අවම කර ගැනමට අදාල උපදෙස් රෝහල යෙතන් ලබා දුන් බවද සඳහන් කළ විශේෂඥ වෙද්‍ය ගුණතිලක මේ වනවිට නිති පතා අක්ෂි සායනවලට සහභාලී වන රෝගීන් අතරින් මෙලෙස කොවිඩ් ආසාදනය වී සුව වූ පුද්ගලයන්ට පසු කොවිඩ් ත්ත්ව වෙනුවෙන් වෙනම සායනයක් විවෘත කර අති බවද සඳහන් කළේය.

Exit mobile version