කොවිඩ් වසංගතය ජාතික ව්‍යසනයක් සේ සලකා මර්ධනයට ජාතික යාන්ත්‍රණයක් හදන්න…

අනුර කුමාර අගමැති මහන්දගෙන් ඉල්ලයි...

කොවිඩ් 19 වසංගතය ජාතික ව්‍යසනයක් ලෙස සලකා එය මර්ධනය කිරීමට   ජාතික යාන්ත්‍රණයක් සකස් කරන ලෙස  ජාතික ජනබලවේගයේ පර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේය.

එවැනි ජාතික යාන්ත්‍රණයක් නිර්මාණය කරන්නේ නම් ඒ සඳහා  තම දෑත්   දිගු කිරීමට සූදානම් බව   අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගෙන් එම  ඉල්ලීම  කරමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ කීවේය.


“අපි එකිනෙකාට චෝදනා කළ පමණින් මේ ව්‍යසනය අවසන් වන්නේ නෑ. එකිනෙකාට දොස් නගන්නේ නැතිව මෙය ජාතික ව්‍යසනයක් ලෙස සලකා ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒ සඳහා අපේ දෑත් දිගු කරන්න සූදානම්. අපේ දායකත්වය සහ මැදිහත්වීම කරන්න ලෑස්තියි. හමුදාව සහ සෞඛ්‍ය අංශ විසින් පවතවාගෙන යන පාලිත තත්ත්වය යම් මොහොතක බිඳුනොත් තත්ත්වය මීට වඩා බැරූරුම් වේවි. මෙය දේශපාලන පොරපිටියේ ගෝල් එකක් ලබා ගන්නා පාපන්දුවක් කර නොගත යුතුයි. මේ තත්ත්වය හමුවේත් අපි බෙදෙනවා නම් එය කිසිසේත් යුක්ති සහගත නැහැ. මෙය මල්ටි බැරල් හෝ යුද ටැංකිවලින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ.”

දිසානායක මන්ත්‍රීවරයාගේ යෝජනාව හා එක්වූ සමගි ජන බලවේගයේ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාද කියා සිටියේ ජාතික ආපදා කළමනාකරන සභාව පිහිටුවා ඒ සඳහා විපක්ෂයේ සහායද ලබගන්නා ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ සෞඛ්‍ය අංශ සමග ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කළ සෞඛ්‍ය ඇමතිනිය   ඒ සඳහා අනුර කුමාර දිසානයක ඇතුළු  විපක්ෂයට ආරාධනා කළාය.

 

Exit mobile version