කොවිඩ් වලින් මැරුණු දෙන්…. ඔය මනුස්සය ගෙදරින් හෙල්ලුවොත් උඹව මරණවා..

ආසාදිතයෙක් ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යන්න හැදූ පරකන්දෙණිය පී.එච්.අයි.ට මරණ තර්ජන...

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

කොවිඩ් වෛරසය ආසදනය වී ඇති බව තහවුරු වු අයෙක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට කටයුතු කළ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පරකන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට එම පවුලේම නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයෙක් විසින් මරණීය තර්ජන එල්ල කර ඇතැයි වාර්තා වේ. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ සම්බන්ධව ගනේමුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය. කොවිඩ් ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙක් හැටියට හඳුනාගත් පුද්ගලයෙක් නිරෝධායනය සඳහා යොමු කර තිබේ.  ඔහු නිරෝධායනය වෙමින් සිටිය දී ඔහුගේ පවුලේ තවත් අයෙක් කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී ඇත.


මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට යෑමේ දී දැනට නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂවරයාට දුරකථන ඇමතුමක් දී තිබේ.

“ උඹ දැන් මාව මෙතෙන්ට එව්වා…. අපි මෙහෙ විඳින දුක උඹ දන්නව ද ?. හරියට කන්න නෑ. වතුර නෑ… පහසුකමක් නෑ… දැන් උඹට මේක කියන්නම්. ඔය ගෙදර මනුස්සයට කොවිඩ් හැදුන නම් ඒකට කමක් නෑ.. ඔහොමම තියපන්… මෙහෙම එනවට වඩා කොවිඩ් හැදිලා මැරෙන එක හොඳයි. හැබැයි ඔය මනුස්සයා ඔතනින් හෙල්ලුවොත් මම ගෙදර ආපු ගමන් උඹව මරණවා…“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තර්ජනය සමග රාජකාරිය කරගත නොහැකි වූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් සිද්ධිය පිළිබද ගණේමුල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

 

Exit mobile version