කොවිඩ් වලින් කොට උඩ නොගිය එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය…

එංගලන්තය පුරා   කෝවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය කෙසේ වෙතත් ලබන මසදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම යොදාගත් පරිදි ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකකට සහභාගි වීම සඳහා ලබන මස 02 වැනිදා එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතය. විශේෂ ගුවන් යානකයකින්  ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහිදී එංගලන්ත කණ්ඩායමට මෙරට සෞඛ්‍ය කොන්දේසි තරගාවලියට පැමිණීමට පෙර ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කාර්ය මණ්ඩලය සාකච්ඡා කර තිබේ.

“මම හිතන්නේ නැහැ අපි සංචාරයට තර්ජනයක් වන දෙයක් දෙස බලයි කියලා. මේ අවස්ථාවේදී සෑම කෙනෙකුගේම සංකාව ඉහළ මට්ටමක තියෙනවා. නමුත් විද්‍යාත්මක සාක්ෂි දෙස බැලිය යුතුයි. තරගාවලිය අපි නැවැත්විය යුතු යැයි මම සිතන්නේ නැහැ. අපට අමතර පියවර ගත යුතුයි. එහෙත් සංචාරය නැවැත්වීමට කිසිම අවස්ථාවක් නැහැ.” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍යවරයා වන දමින්ද අත්තනායක මහතා ‘ක්‍රිකට් ඉන්ෆෝ’ සමග පැවැති සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.


එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසුව දින තුනක හුදකලා නිරෝධානයකට භාජනය වන අතර අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණයක් කරනු ලබයි. ඔවුන් මෙරටට පැමිණි අවස්ථාවේදීම පළමු පී.සී. ආර්. පරීක්ෂණය කරන අතර යළිත් දින තුන සහ දින හයකට පසුව වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරිමට නියමිතය.

කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම පැමිණීමෙන් දින හයකට පසුව කණ්ඩායම් පුහුණුව පවත්වන අතර ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දින හතකට පසුව මුණ ගැසෙනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරයා පවසන්නේ සෞ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් දැඩිව පිළිපැදිය යුතු බවයි.

“ඔවුන් පැමිණීමට පෙර සහ ඔවුන් ගුවන් යානයට පැමිණීමටත් පෙර කිසිම ජනතාවක් සමග මුසුවන්නේ නැහැ.” යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි. එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමට සති දෙකක් තිබියදී ශ්‍රී ලංකා රජය විසින් එක්සත් රාජධානියේ සිට වාණිජ ගුවන් ගමන් තහනම් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දි පැවැත්වෙන අතර එහි පළමු තරගය ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Exit mobile version