කොවිඩ් රෝගීන් සඳහා දකුණු පළාතට තවත් ඇඳන් 1000ක් වැඩි කිරීමේ සැලසුමක්..

ලලිත් චාමින්ද –

කොවිඩ් රෝගින් වෙනුවෙන්  දකුණු පළාතේ රෝහල් කිහිපයක්  කොවිඩ් මධ්‍යස්ථාන වශයෙන් පරිවර්තනය  කොට එවායේ අලුතින් ඇදන්  1000ක් රෝගීන් වෙනුවෙන් ස්ථාපිත  කිරිමට සැලසුම් කොට ඇති බැව්  දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග  පවසයි.

කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථා වශයෙන් බෙන්තොට, හිනිදුම, බටපොළ, බද්දේගම, ගිංගොඩගම, අම්බලන්තොට, යන රෝහල් සහ අක්මිමන විද්‍යාපිඨය හා නිල්වලා  විද්‍යාපිඨය කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන වශයෙන් පරිවර්ථනය කිරිමට සැලසුම් කොට ඇති බවද ඒ මහතා පවසයි. මේ සදහා යම්කිසි කාලයක් ගතවිය හැකි බව පෙන්වා  දෙන පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා    ජනතාව සෞඛ්‍ය  උපදෙස් අනුව කටයුතු නොකළහොත් කෙතරම් ඇඳන් සංඛ්‍යාවක් වැඩි කළද ඉන් පලක් නොමැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබද අදහස් දක්වමින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා  පැවසුවේෙ කොවිඩ් රෝගින් වෙනුවෙන් දකුණු පළාත තුළ  කොවිඩ්  ප්‍රථිකාර මධ්‍යස්ථාන 08ක ඇති ඇඳන් 1400ට අමතරව මෙම ඇඳන් 1000 ලබා ගැනීමට සැලසුම් කර ඇති බවය.  


Exit mobile version