කොවිඩ් රෝගීන්ට කායික මානසික සුවය දෙන ආයුර්වේද ප්‍රතිකාර  නාවින්නේ ඇරඹෙයි…

නතාෂා නෙත්මිණි –                                          ‍

කොවිඩ් රෝගීන්ට ආයුර්වේද නේවාසික ප්‍රතිකාර ආරම්භ කිරීම සඳහා නාවින් ආයුර්වේද රෝහල තුළ විශේෂ ඒකකයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි  සඳහන් කරයි .

මෙම ඒකකය තුළ නේවාසික රෝගීන් කායික මෙන්ම මානසික සුවය සලසා දීම සඳහා ආයුර්වේද ප්‍රතිකාරයන්ට අමතරව  සංගීත චිකිත්සාව යෝග්‍ය අභ්‍යාස, මානසික ඒකාග්‍රතාවය සුරැකෙන රසාස්වාදන ලබා දීමට කටයුතු කරන බව  දේශීය ඇමතිවරයා පවසයි.

“කොවිඩ් රෝග මර්දනය සඳහා දේශීය වෛද්‍ය ජාතික කමිටුව මගින්  නිර්දේශ කර තිබෙන ප්‍රතිකර්ම, කොවිඩ් රෝගීන් සඳහා ලබා දීමයි අපගේ අරමුණ… මෙම ප්‍රතිකාර කොවිඩ් රෝගීන් සඳහා ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂඥ ආයුර්වේද වෛද්‍ය කමිටුව හරහා තවදුරටත් සාකච්ඡා කරලා තීරණය කරනවා.. “


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමතිවරයා වැඩිදුරටත් කියයි. 

 

Exit mobile version