කොවිඩ් මැද වයඹ පාසල්වල වාර විභාග අද ඇරඹේ…

කොවිඩ් තර්ජන මධ්‍යයයේ වුවද වයඹ පළාත් පාසල්වල තුන් වැනි වාර විභාගය අද ආරම්භ වේ. එම විභාගය පැවැත්වෙන්නේ 6,9 සහ 12 ශ්‍රේනි සඳහා ය.

මීට දින කීපයකට පෙර වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ දැනුම් දීමකට අනුව මෙම වාර විභාගය පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම විභාගයට අයත් ප්‍රශ්න පත්‍ර ගුරුවරුන් විසින්ම සකස් කර ඇති අතර, නිම කළ විෂයය ඒකක ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සකස් කර ඇත.


තුන් වන වාර විභාගය මෙම මස 22 වැනි දින තෙක් පැවෙත්වෙන අතර 23 දින තුන් වෙනි වාර නිවාඩුව ආරම්භ වේ. එහෙත් ඊට පෙර සිසුන් ගේ උත්තර පත්‍ර පරීක්ෂා කර, ලකුණු ගණනය කර, ප්‍රගති වාර්තා පොත් සිසුන් වෙත ලබා දෙන්නේ කෙලෙසදැයි ගුරුවරු වික්ෂිප්ත වී සිටින බව, ආරංචි මාර්ග පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2020 වර්ෂය සඳහා 10, 11ශ්‍රේනිය සඳහා තුන් වන වාර විභාගය ත්, 13ශ්‍රේනිය සඳහා පළමු වාර විභාගය ත්,ඉදිරියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවද, වයඹ පළාත් අධ්‍යක්ෂවරයා විසින් කලාප අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පති වරුන් වෙත දැනුම් දී තිබේ.

Exit mobile version