කොවිඩ් මැද්දේ දියතලාවේ විශේෂ සාදයක්… හමුදා සංචාරක නිවාස 38ක් වෙන් කරන්…

රටේ ඉහළම බලධාරියෙක් ඇතුළු විශාල කණ්ඩායමක් දියතලාව හමුදා කඳවුරේ සංචාරක නිවාස 38ක් වෙන් කරගෙන පසුගිය සිකුරාදා (23)  සිට අද (25) දක්වා කාලය තුළ විශේෂ සුහද හමුවක් සහ සාදයක් පැවැත්වූ පුවතක් වාර්තා වේ.

එම බලධාරියාගේ සමකාලීන හමුදා නිලධාරීන් සහ සිය සමීප හිතවතුන් සමග පුරා දින තුනක් තිස්සේ මෙම සාදය පවත්වා තිබේ. මෙම සාදයේ සියලුම වියදම් හමුදාවේ සුබසාධන අංශය විසින් දැරීමට සිදුවී ඇති බව පැවසේ.

කෙසේ වෙතත් අද උදෑසන මාධ්‍යයට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේ කොවිඩ් වසංගතයේ අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන් සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට අද (25) සිට ඉදිරි සති දෙක තුළ රජයේ හා පුද්ගලික අංශයේ සියලු උත්සව නවත්වා දැමීමට රජය තීරණය කර ඇත.

Exit mobile version