කොවිඩ් මරණ 101 නිල වශයෙන් නිකුත් වේ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ නිකුත් කිරීමට නියමිතව තිබූ කොවිඩ් මරණ වාර්තාව  යා අද පස්වරු 2.22ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත නිකුත් කළේය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ මරණ 101 වාර්තා කරන්නේ කොටස් තුනක ප්‍රමාද මරණ ලෙසය. පෙබරවාරි 06 දා සිට ජූනි 09 දක්වා ප්‍රමාද මරණ 13කි. ජූනි 01 සිට ජූනි 09 තෙක් ප්‍රමාද මරණ 88කි. නැවත වරක් ඊයේ කොවිඩ් මරණ වාර්තා කරන්නේ නැත.

මරණ වාර්තා නොකළ ජූනි 06 දැනට වාර්තා කරන මරණ 27කි. ජූනි 07 මරණ 27කි. ජූනි 08 දැනට මරණ 13කි. ජූනි නවය දැනට මරණ 02කි.

මේ මරණ 101න් තිස් දෙනෙක් පමණ මියගොස් ඇත්තේ නිවෙස්වලය. ඊයේ වනවිට මරණ 2000 ඉක්මවා ගොස් ඇත. දැනට නිල වශයෙන් රජය වාර්තා කරන කොවිඩ් මරණ සංඛ්‍යාව 2011කි.
රජය මේ සම්බන්ධව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.



Exit mobile version