කොවිඩ් පූර්ණ සුවයි… සෞඛ්‍ය ඇමතිනිය වැඩට එයි…

නතාෂා නෙත්මිණි –

කොවිඩ් ආසාදිතව බරපතල සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දුන් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අද සේවයට වාර්තා කළාය.

පසුගිය මස 23 වැනිදා ඇමතිනියට හා ඇයගේ සැමියාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වුණේය.  අනතුරව ඇමතිනිය හික්කඩුව අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබිනි.

එහෙත් එහිදී අසාධ්‍ය තත්වයට පත් වූ ඇමතිවරිය පසුගිය 28 දා අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවාය. දින 19ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව ඇය පසුගිය 16 දා රෝහලෙන් නිකම නිවසට ගොස් තිබිණි


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාල ප්‍රතිකාර විධි සම්පූර්ණ කර පූර්ණ සුවය ලැබූ ඇමතිවරිය අද දහවල් සේවට වාර්තා කළාය.

Exit mobile version