කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යනගමන් ආසාදිතයන් 03ක් සූර් වෙන්න ගහලා..

මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු –

මීගමුවේ සිට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යෑම සඳහා කඩවත බස්නැවතුමේ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ගිලන් රථයකින් රැගෙන ආ කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් ගිලන් රථයෙන් බැස ගත නොහැකිව බීමත් වී සිටි පුවතක් වාර්තා වේ.

මෙම ආසාදිතයන් තිදෙනා ගිලන් රථයට රැගෙන ඇත්තේ මත්පැන් බෝතල් සඟවාගෙන බවත් මීගමුවේ සිට ගිලන් රථයේ කඩවත දක්වා එනතුරු කාලය තුළ  විවිධ ප්‍රමාණයේ මත්පැන් බෝතල් තුනක් පානයකර ඇති බවත් හෙළි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගිලන් රථයේ එන තුරු බෝතල් ගැටෙන හඬ විටින් විට ඇසුනත් ආසාදිතයන්ගේ බඩු මළු සෙලවෙන බව ගිලන් රථ රියදුරාත් උපස්ථායකයාත් කල්පනා කර ඇත.
එහෙත් මේ බීමත් පුද්ගලය් තිදෙනා කඩවතින් අසීරුවෙන් ගිලන් රථයෙන් බැස්සවූ පසු ගිලන් රථය විෂබීජ හරණය කරන්නට යෑමේ දී හිස් බෝතල් හමු වී තිබේ.


Exit mobile version