කොවිඩ් ප්‍රතිකාර පහසුකම් නොදුන් නිසා ශ්‍රී ලන්කන් නියමුවන් අකුරට වැඩ

ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගේ සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබේ.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ covid-19 ආසාදනය වන සාමාජිකයන් සඳහා විශේෂිත ප්‍රතිකාර පහසුකමක් සහිත ස්ථානයක් ගුවන් සමාගම විසින් ලබා නොදීම ය.

එම පහසුකම ගුවන් සමාගමේ සාමාජිකයන්ට ලබාදීම සඳහා අදාළ බලධාරීන්ගෙන් දැනටමත් ඉල්ලීම් සිදු කර ඇති අතර ඉක්මනින්ම එම පහසුකම ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ අකුරට වැඩ කිරීම මෙන්ම, හදිසි අවස්ථා රාජකාරි සඳහා සහභාගි නොවීමට හා ගුවන් සේවයෙන් ලැබෙන කිසිදු ඇමතුමකට ප්‍රතිචාර නොදැක්වීමට ද ගුවන් නියමුවන්ගේ සංසදය තම සියලුම සාමාජිකයන්ට දන්වා තිබීම හේතුවෙන් එය ගුවන් සමාගමේ මෙහෙයුම්වලට දැඩි ලෙස බාධා ඇති කර ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම එය රටේ සංවර්ධනයට මෙන්ම ගුවන් සේවයද අනතුරට ලක් කිරීමක් බවත් මෙම ආත්මාර්ථකාමී ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගුවන් සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරීත්වය සහ කැප වී වැඩ කරන අනෙකුත් සියලු සේවකයින් දැඩි ලෙස හෙළා දකින බවත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

Exit mobile version