කොවිඩ් නිසා සැලසුම්ගත දරු උපත් පහළ යද්දී අනපේක්ෂිත දරු උපත් ඉහළට

ගෝලීය කොරෝනා වසංගතය හමුවේ සිදුවී ඇති වෙනස්කම් අතර ලොව පුරා සැලසුම් සහගත දරු උපත් අනුපාතය අවම වන බවටත් අනපේක්ෂිත ගැබ් ගැනීම් ඉහළ යන බවත් යුනිසෙෆ් සංවිධාන දත්ත අනාවරණය කරයි.

කොරෝනා වසංගතයේ පළමු රැල්ල ගෙවුණු කාල සීමාව තුළ ගණනය කරනලද දත්ත ඇසුරෙන් නිරීක්ෂණය වී ඇත්තේ මෙම වසංගත කාලය තුළදී නව දරු උපත් 116,000,000ක් සිදුවනු ඇතැයි අනුමාන කරන බවයි.

ලබන වසර වන විට ඇමරිකාවේ අනපේක්ෂිත ගැබ් ගැනීම් මත දරු උපත් ලක්ෂ 5ක් පමණ සිදු වීමට නියමිත බවට එරට රජය පවසයි. පිලිපීනයේ lockdown සහ වසංගත කාලසීමාව තුළ දරු උපත් 214,000කින් ඉහළ ගොස් තිබේ.


රට රටවල lockdown කාල සීමාව වෙනස් වීම් මත මෙම සංඛ්‍යාවද වෙනස් වනු ඇති බවට එම දත්ත පෙන්වා දෙයි.

පසුගිය අප්‍රේල් මාසයේ දී යුනිසෙෆ් වාර්තාවකින් අනාවරණය කෙරුනේ මාස හයක් රට රටවල් lockdown කළහොත් මිලියන 47 ක් වන කාන්තාවන්ට උපත් පාලන ප්‍රවේශ අහිමි වන බවයි. ඔවුන් එම අනුමානය කර තිබුණේ අඩු ආදායම් සහ මධ්‍ය ආදායම් රටවල සිටින කාන්තාවන් මිලියන 450කගේ දත්ත සලකා බැලීමෙනි. එහිදී මිලියන 7ක් පමණ අනපේක්ෂිත ගැබ් ගැනිම් සිදු වනු ඇති බවට ද එම වාර්තාවේ දැක්විණි.

යුනිසෙෆ් සහ ගෝලීය සමීක්ෂණ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලබන වසරේ දී සැලසුම් සහගත දරු උපත් ගෝලිය වශයෙන් තුන් 330000 ක පමණ අඩු වීමක් දක්නට හැකි බවයි. බොඩිය උපත් අනුපාතිකය, කාන්තාවකට උපදින දරුවන් ගණන 2.8%කින් පහත වැටෙන බව ද එම දත්ත අනාවැකි පළකර තිබේ. ඊට හේතු වී ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මතු වී ඇති ආර්ථික හා සාමාජීය වෙනස්කම් නිසා දරු ප්‍රසූති අභිප්‍රායන්, සශ්‍රීකත්ව අනුපාත කෙරෙහි බලපෑම් කරන මානව සාධක, පවුල් ආදායම්, සංක්‍රමණික ප්‍රවාහ ආදියෙහි වෙනස් වීමයි.

විශේෂත්වය වන්නේ මෙම වසංගත තත්වය යටතේ වුවද දරු උපත් අඩු වීම සංවර්ධිත රටවලින් පමණක් අපේක්ෂා කිරීමයි. 2020-2021 වර්ෂ සඳහා මෙම අනාවැකි පළකර ඇත. ඉහත දත්තවලින් තවදුරටත් අනාවැකි පළ කර ඇත්තේ අඩු ආදායම් සහ මධ්‍ය ආදායම් රටවල දරු උපත්, අනපේක්ෂිත දරු උපත් වෙනත් වර්ෂවලට සාපේක්ෂව ඉහළ යනු ඇති බවයි.

එමෙන්ම තරුණ පරපුර අතර කොවිඩ් වසංගතයේ මීට අදාළව බලපෑම වී ඇත්තේ ඔවුන්ගේ විවාහ සහ දරු උපත් කල් දැමීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමයි. ඊට හේතු වී ඇත්තේ ද වසංගත තත්වය හමුවේ මතු වූ ආදායම්, ආර්ථික තත්වයේ අස්තාවරභාවය ආදී නිර්ණායකයන් ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2008 වර්ෂයේ හටගත් ගෝලීය ආර්ථික අර්බුදයේ දී ඇමරිකාවේ නව දරු උපත් අනුපාතය 2009 වර්ෂයේ දී 2.8%කින් ද 2010 වර්ෂයේදී 3.2% කින් පහත වැටුණි.

Exit mobile version