කොවිඩ් නිසා වසා දැමූ මත්ස්‍ය වෙළෙඳසල විෂබීජ හරණයට ගිය නගර සභා සේවකයන් වෙළෙඳසල කොල්ල කාලා

කොවිඩ් ආසාදතයෙක් හමු වීම නිසා    තාවකාලිකව වසාදමා තිබු හැටන් නගරයේ මත්ස්‍යය වෙළෙඳ සැළක් විෂබීජ හරණය කිරීමට ගිය හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් හය දෙනෙකු  එහි තිබූ රුපියල් 37000.00 ක මුදලක් සමඟ භාණ්ඩ තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.

පෙරේදා (07) පස්වරුවේ ඔවුන් හයදෙනා සිද්ධිය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ මත්ස්‍යය වෙළෙඳ පොළේ හිමිකරුට කොවිඩ් වෛරසය අසාදනය වී තිබෙන බව තහවුරු වීමත් සමඟ ඔහු ඇතුළු සේවක පිරිස නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබිණි.


මේ අතර  එම මත්ස්‍යය අළෙවි සැළේ අධි ශීතකරණයේ විදුලිය බිඳ වැටීම නිසා එහි වූ මත්ස්‍යය තොගයක් නරක්වී දැඩි දුගඳක් හැමීම සම්බන්ධව හැටන් නගරයේ පාරිභෝගිකයින් හා ව්‍යාපාරිකයින් නගර සභාවට පැමිණිළි කළේය.

මේ හේතුවෙන් නගර සභාව මගින් මත්ස්‍යය වෙළෙඳ පොළේ දැනුවත් කර  සිය සේවක පිරිසක් යොදවා නරක්වූ මසුන් තොගය ඉවත්කර වෙළෙඳ සැළ විෂබීජ හරණයට ලක් කිරීමට කටයුතු කළේය.

වෙළෙඳ සැළ විෂබීජහරණය කිරීමට පැමිණි නගර සභාවේ සෞඛ්‍ය  අංශයේ   කම්කරුවන් හයදෙනා එහි තිබූ මුදල් අයකැමි යන්ත්‍රය කඩා   රුපියල් 37000.00 ක මුදලක්ද,අළෙවිය සඳහා තිබූ  පොල් තෙල් බෝතල්, මිරිස් හා තුනපහ කුඩු තොගයක්ද පාරිභෝගිකයින්ට මත්ස්‍යයින් ඔතා දීමට තිබු පත්තර තොගයක්ද සොරාගෙන  ඇති බව හෙළි වී තිබේ.

මේ බව හෙළි වන්නේ  ස්වයං නිරෝධානය අවසන්කළ මත්ස්‍යය වෙළෙඳ සැළේ කලමණාකරු සහ සේවකයින් පෙරේදා (07) වෙළෙඳ සළට පැමිණ එය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී ය.

එම වෙළෙඳ සැළේ  සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ අදාළ සොරකම සම්පුර්ණයෙන්ම පටිගතව තිබී ඇති අතර ඒ සම්බන්ධව එහි කලමණාකරු විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස්ගේ උපදෙස් මත  හැටන් පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් පලිපානගේ මෙහෙයවීමෙන් හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රදිප්,පොලිස් සැරයන්වරුන් වන නන්දසිරි (1139), සනත් (55454), පොලිස් කොස්තාපල්වරුන් වන  සිරිනන්ද (81832), සමරකෝන් (92617) යන නිලධාරින් විසින් සැකකරුවන්  අත්අඩංගුවට ගෙන ඇත.

 

Exit mobile version