කොවිඩ් නෑ කී මහනුවර නගරයම බිහිසුණු කොවිඩ් අනතුරක… අවදානම හෙළි වේ…..

මහනුවර නගර මධ්‍යයේ පිහිටි පරණ බෝගම්බර නිරෝධායන රැඳවුම් කඳවුර කොවිඩ් පොකුරක් බවට පත්වෙමින් පැවතීම සමග මුළු නුවර නරගයම බරපතල අවදානමටක ලක්ව ඇතැයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ පැවසීය.

මේ තත්වයේ බිහිසුණුකම පිළිබඳව මේ වනවිට ආරක්ෂක අමාත්‍යාංශය සමග විශේෂ සාකච්ඡාවක් කර ඇති බවත්, බෝගම්බර නිරෝධායන කඳවුර නිසා දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් මෙන්ම නුවර සමස්ථ සමාජයම අනතුරක ඇති බව  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා  පැවසුවේය.

මුලින්ම බෝගම්බර නිරෝධායන කඳවුරෙන් ආසාදිතයන් වාර්තා වන්නේ 2කි. ඒ පසුගිය 07 වැනිදා ය. ඒ වනවිට බෝගම්බර නිරෝධායන කඳවුර තුළ රැඳවියෝ 809ක් උන්හ. 11 වන දා වනවිට කළ පීසීආර් පරීක්ෂණ 30කින් ආසාදිතයන් 27 දෙනෙක් වාර්තා විය. 12 වැනිදා වනවට තවත් 06ක් වාර්තා විය. බන්ධනාගාර රැඳවියන් වහළය මතට නගින්නේ මේ තත්වය හමුවේ පී.සීආර්. පරික්ෂණ නොපැවැත්වීමට බන්ධනාගාර ඉහළ නිලධාරීන් යෝජනා කළ බව සැලවුණු හෙයිනි.


කෙසේ වෙතත් බෝගම්බර නිරෝධානය කඳවුර පැවතියේ අවම සෞඛ්‍ය පහසුකම් යටතේ බවත් 100යක් රඳවා සිටිය යුතු තැනක රැඳවියන් 809ක් රඳවා තිබුණු බවත් හෙළිදරව් වී තිබේ.  මෙහි සේවයට යොදවා ඇති බන්ධනාගර නිලධාරීන් ගණන 48ක්. ඉන් බන්ධනාගාර නිලධාරීන් 06ක් හා ජේලර්වරු 42ක් සේවයේ යොදවා සිටිති. ඉන් 12 දෙනෙක් දැන් ගතකරන්නේ නිරෝධායනයේ ය.

ගැටලුව වී ඇත්තේ මෙම නිලධාරීන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලින් තොරව සේවයේ යොදවා සිටින බවත්, ඔවුන්  දුම්බර බෝගම්බර සිර කඳවුරේ ද රාජකාරි සඳහා යොදවන බවත් බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කිරීමය. දුම්බර බෝගම්බ බන්ධනාගාරයේ දැනට රැඳවියෝ 3200ක් රඳවා සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පරණ බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනය නිම කළේ යැයි හඳුනාගත් රැඳවියන් 244ක් ඔවුන් රැගෙන ආ  බන්ධනාගාර වෙතම යොමු කරන බව බන්ධනාගාර ආංරචි මාර්ග කියයි. ඉතිරි රැඳවියන් 561න් 200කට මේ වනවිට පීසීආර් පරීක්ෂණ සිදුකරමින් ඇත. මෙහි ප්‍රතිඵල ඉතාම තීර්ණාත්මක විය හැකි බව මහනුවර පරිපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version