කොවිඩ් කලබලය අතරේ දිවි ඇති තෙක් සිරේ සිටි කුඩු ජාවාරම්කාර පාකිස්තානුවන් එරටට

මත්දුව්‍ය ජාචාරම් චෝදනා මත මෙරට අධිකරණ ක්‍රියාවලිය හරහා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලද පකිස්තාන සිරකරුවන් 43 දෙනකු මෙම මාසයේ මුල් සතියේ දී විදේශ අමාත්‍යංශය සහ පකිස්තාන තානාපති කාර්යාලය හරහාළි පකිස්තානය වෙත භාර දී තිබේ.

ශ්‍රි ලංකාව සහ පකිස්තානය අර පවතින සිරකරුවන් හුවමාරු කිරීමේ එකඟතා ගිවිසුම මත මෙම සිරකරුවන් පකිස්තානය වෙත යැවීමට පියවර ගෙන ඇති අතර ඔවුන් අතර ප්‍රබල මත්දුව්‍ය ජාවරම්කරුවන් කිහිප දෙනකුද සිටි බව වාර්තා වේ.

කාන්කාවන් දෙදෙනකු ඇතුළු මෙම සිරකරුවන් 43 දෙනා පවතින කොවිඩ් වසංගත සෞඛ්‍ය නිර්ණායකවලට යටත්ව මෙරටින් යැවීමට කටයුතු සංවිධානය කර ඇති අතර ශ්‍රි ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් කාර්යාල මෙම කාර්යයට සම්බන්ධ වී ඇත. එය පකිස්තානයේ මධ්‍යවල පළවූ ප්‍රන ප්‍රවෘත්තියක් වුවද ශ්‍රි ලංකාවේ විදේශ අමාත්‍යංශය මෙම සිරකරු හුවමාරුව සම්බන්ධයෙන් කිසිදු ප්‍රචාරයක් ලබා දමට කටයුතු නොකිරීමද විශේෂත්වයකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2004 වසරේ දෙරට අතර අත්සන් කෙරුණු සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩ සටහන යටතේ මාස හයකට වඩා වැඩි කාලයක් සිර දඬුවම් විඳින සිරකරුවන් මේ අනුව හුවමාරු කෙරේ. මත්ද්‍රව්‍ය සම්බන්ධ පකිස්තානයේ පවතින නීති රීති මෙරටට සාපෙක්ෂ්ව ලිහිල් වීම හේතුවෙන් මෙරටින් යැවෙන සිරකරුවන් එරට අදිකරණ ක්‍රියාවලිය හරහා නිදහස් වී යළිත් මත් ජාවාරමට එක් වන බවටද මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

Exit mobile version