කොවිඩ් උවදුරින් වැඩිහිටියන් වළකන සමාජ ආරක්ෂණ ක්‍රමයක් ගැන අවධානයට

කොවිඩ-19 අවධානම වැඩිම බලපා ඇත්තේ වැඩිහිටියන්ට බැවින් ඔවුන් රැකීම සදහා විශේෂ සමාජ ආරක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කල යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.

අමාත්‍යවරිය මේබව සදහන් කලේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේ පවතින සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ වැඩිහිටි මහලේකම් කාර්යාලය නිරීක්ෂණයට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කලේ සමාජයේ වැදගත් කණ්ඩායමකට විශාල සේවයක් ඉටුකරන දෙපාර්තමේන්තුවක් ලෙස සමාජසේවා දෙපාර්තමේන්තුව උපතේ සිට ආබාධිත තත්වයට පත්වූ අයට මියයන තෙක්ම විශාල සේවයක් ඉටුකරන ආයතනයක් බවයි.


ඔවුන්ට වෘත්තීය පුහුණුවක් ලබාදී ආර්ථික වශයෙන් ශක්තිමත් කර සමාජගත කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බැවින් එය ප්‍රාථමික සෞඛ්‍ය සමග ඉතා සමීපව ඉටුකරන සේවාවක් ලෙස තමන් දකින බව රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

මේ මොහොතේ රට තුළ පැතිර යන කොවිඩ් 19 තත්වයෙන් ආරක්ෂාවීමට ආයතනික මට්ටමෙන්ද කල හැකි කාර්ය භාර්යක් පවතින බවත් සියලු දෙනාම හැකි සෑම විටම කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සදහා අන් අය දැනුවත් කිරීම වැදගත්වන බවත් නිරන්තර සෞඛ්‍ය පුරුදුවලට යොමුවිය යුතු බවත් අපගේ හැසිරීම් රටාව පිළිබදව සැලකිලිමත් වන අතර වැඩිහිටියන් ආරක්ෂා කරගැනීමට වගබලාගත යුතු බවත් අමාත්‍යවරිය මෙහිදී සදහන් කරන ලදි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දන රණවීර යන මහත්වරු ඇතුළු නිලධාරීන් සහභාගීවිය.

Exit mobile version